වැස්සා...
පොඩි මඩ කඩිත්තක් හැදුනා..
සුලඟත් එක්ක,
දැඟලුවා,
නැටුවා,
අඳුරත් එක්ක මුකුළු කලා...
මං බලාගෙන..
ටිකකින් හිරු ඒවි,
පායාවි,
රැස් දේවි...
ඔයාගෙ දැඟලිලි,
එතකොට,
ඉවරවේවි......
වැස්සා...
කලින් ලියපු ෴ට්වෙලයට පෙර෴ ලිපියට ජයටම ප්‍රතිචාර! ඒකෙ කොමෙන්ටු කියවනකොට ලියවිලා තිබුන ඉල්ලීමක් නිසා Live'12 ප්‍රසංගයේ වීඩියෝ දර්ශන ටිකක් දාන්න හිතුනා. මේවා ගත්තෙ YouTube එකෙන්. අප්ලෝඩ් කරලා තිබුනෙ dsukhith. එයාටත් ස්තූති කරන ගමන්, ඔන්න එහෙනම් බලාගන්න...
ඔයා යන්නද හදන්නෙ?
Live'12, අපේ වැඩේ බොක්කෙන්ම සාර්ථකය. කිරිකජු කොල්ලන් ටිකක් සැට් වී එළකිරි ගේමක් දුන්නේ, මුලු ගාල්ලම හෙල්ලෙන්ටය. ගිය සෙනසුරාදා(2012.01.14) කරාපිටිය ෆැකල්ටියේ ඔඩිටෝරියම අපි රිච්මන්ඩ් යැයි රැව් දුන් මතකයත් එක්ක හිච්චංකිතර ආඩම්බරයක් හිතේ රඳවාගෙන මේ ලිපිය ලියමි.
මීම, ලංකාවට අළුත් දෙයක්... මීම කියන්නෙ මොකක්ද, සාමාන්‍ය කාටූනයකින් මීම කාටූනයක් වෙනස් වෙන්නේ කොහොමද? මටත් හෙන කුතුඅලේ! ටිකක් හෙව්වා, මට මීටර් උන, මට හිත ගිය තැන් ටිකක් ගැන් ඔයාලටත් කියන්න හිතුවා. මොකද, මෙව්වා ගොඩාක් කාලීනයි. මට දැනුන විදියට එකෙන්ම ලෝකෙම හඳුනන භාශාවක් වගේ. ඉතින්, මෙන්න එහෙනම් මීම සහ මම...
මම ට්විටරයට එක්වී වැඩි කලක් නැත. එක්වුනේද මගෙ වෙනත් බ්ලොගයක කටයුත්තක් සඳහාය. කොහොමෙන් කොහොම හරි රස වැටුනු ට්විටරය දැන් බුකියටත් වඩා බොක්කටම දැනී තිබේ. හේතුනම් ගොඩකි.
අධිවේගී මාර්ගයේ Viking බසයක් ධාවනය වූ බව ඇසුනු වෙලේ හිතට නැඟුනු අදහසක්...