සොයන මල

15 දැනට තැබූ සටහන්

මිහිදුම කැටි කල,
එක් පිනිබිඳක්,
පිපි මල අග රැඳී...
සිප ගැනුමට පෙර,
හිරු කිරණ,
බඹරිඳු සොයන,
සුපිපි මල,
සීත මැදින් සොයන,
රුවැති මල...

විඩාබර තටු අගට,
ඉඩක් නැහැ වෙහෙස නිවනට,
සීත මිහිදුම පීරමින්,
තවම සොයන,
සුපිපි මල,
රොන් තුඩු අග සිඹිනට,
සිත විඩා නිවුමට....

#TweetUpSL ආයෙත්!

3 දැනට තැබූ සටහන්

TweetUpSL ආයෙත් එනෝ!

ඉදිරියට »

කාලාත්‍රයේ

5 දැනට තැබූ සටහන්

කාලාත්‍රයේ අපි යන්නෙමු,
නෙතු ගැටෙන තුරා ක්ෂේමභූමියක්,
රතුමල් පෙති ඇහිරුනු,
සියොත් සර රැව්දෙන,
ක්ෂේමභූමියක්...

සමනල තටුවක සුනු තවරන්,
පියඹන්නට තතනමු,
පොලොවේ ඉඩ මදි වී,
නැහැ කයට නොව සිතට ඉඩ නැත,
සැරිසරමු තවත් කාලාත්‍රයේ,
නිමක් නැති වූ අවකාශයේ....

නිහඬ

4 දැනට තැබූ සටහන්

වදනක,
අරුත,
නංවන,
මොහොත,
නිහඬබව,
නොබිඳින්න,
නොනසන්න,
එකතු වී,
විඳගන්න,
නිහඬබව...

Exceptional කසුන්

16 දැනට තැබූ සටහන්

ලංකාවේ ටකරන් music සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, ලයාන්විත ස්වරය, කසුන් කල්හාර...

ඉදිරියට »

එක නෑ

12 දැනට තැබූ සටහන්

මූඩ් එක නෑ,
මුකුත් ලියන්න..
කාඩ් එක නෑ,
කතා කරන්න..
බෝඩ් එක නෑ,
කැරමක් ගහන්න..
බූට් එක නෑ,
තව මට වදින්න...


[ඕන් කිව්වයි කියලා හිතාගන්න!]







සිත් අහසට

6 දැනට තැබූ සටහන්

මේක ලියවුනේ බුකියේ, සිත් අහස ගෲපියේ... මම විතරක් නෙවෙයි, මහිත් මේකට ලිව්ව අදහසත් මෙතන ලියන්න හිතුනා...

ඉදිරියට »
සිද්ධියේ මුදුනට