දැඟලිල්ල

ගැහෙයි, දඟලයි..
වැඩක් නැතුවද වලිකයි,
හිත කොහෙද, කොතැනද ඇහුවොත්...
මෙතැන යැයි කියන්නේ කවුරුන්ද?
දෙතැනක නතරවුනු සිතක් ගැන කියන අද,
අතන මෙතන වෙන දේ දැක,
දුකද, කම්පාවද, සතුට, සොම්නස දරා ගත නොහැකිව,
ගැහෙයි පුලුවන් තරමට වෙහෙසිව...
මම කරන, කියන, හිතන හැමදෙයටම,
වද නොවී උඹ,
කරන් භාර වුනු රාජකාරිය,
ඔව් නුඹේ දේවකාරිය,
රුධිර පොම්පයක් පමණි නුඹ,
හදවත....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

0 අදහස් :

Post a Comment

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට