කාලාත්‍රයේ

5 දැනට තැබූ සටහන්

කාලාත්‍රයේ අපි යන්නෙමු,
නෙතු ගැටෙන තුරා ක්ෂේමභූමියක්,
රතුමල් පෙති ඇහිරුනු,
සියොත් සර රැව්දෙන,
ක්ෂේමභූමියක්...

සමනල තටුවක සුනු තවරන්,
පියඹන්නට තතනමු,
පොලොවේ ඉඩ මදි වී,
නැහැ කයට නොව සිතට ඉඩ නැත,
සැරිසරමු තවත් කාලාත්‍රයේ,
නිමක් නැති වූ අවකාශයේ....

නිහඬ

4 දැනට තැබූ සටහන්

වදනක,
අරුත,
නංවන,
මොහොත,
නිහඬබව,
නොබිඳින්න,
නොනසන්න,
එකතු වී,
විඳගන්න,
නිහඬබව...

Exceptional කසුන්

16 දැනට තැබූ සටහන්

ලංකාවේ ටකරන් music සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, ලයාන්විත ස්වරය, කසුන් කල්හාර...

ඉදිරියට »

එක නෑ

12 දැනට තැබූ සටහන්

මූඩ් එක නෑ,
මුකුත් ලියන්න..
කාඩ් එක නෑ,
කතා කරන්න..
බෝඩ් එක නෑ,
කැරමක් ගහන්න..
බූට් එක නෑ,
තව මට වදින්න...


[ඕන් කිව්වයි කියලා හිතාගන්න!]







සිත් අහසට

6 දැනට තැබූ සටහන්

මේක ලියවුනේ බුකියේ, සිත් අහස ගෲපියේ... මම විතරක් නෙවෙයි, මහිත් මේකට ලිව්ව අදහසත් මෙතන ලියන්න හිතුනා...

ඉදිරියට »

ගෙත්තම

5 දැනට තැබූ සටහන්

කාලයත් එක්ක,
අපි ගෙතුව ගෙත්තමක්,
රටා දමමින්, හැඩට සැදි,
පාට එකිනෙක ගලපා,
ගෙතුව එක ගෙත්තමක්...

නොදන්නා සිත්තරකු සමඟ ඔබ,
අඳින්නට ගිය සිත්තමක්,
ඉතිරි කලේ අපට,
පැටළුනු ඉරුනු කමකට නැති,
පාටත් නැති ගෙත්තමක්...

එය තවත් එපායැයි කියා ඔබ,
ඉරා විසිකලා මතකයි,
ඔබේ දෙපාමුල නූල් කැබලි තිබුනා මට මතකයි,
ඉඳිකටු තුඩ සිදුරු කල මගෙ හදවත,
නෙතු පියවෙන තුරු දැක්කේ,
පෙර අප ගෙතූ ගෙත්තමම පමණයි...

ආත්මය

4 දැනට තැබූ සටහන්

දඩ බඩ,
සැඩ හඬ,
මැද වගුරන,
ඔබේ ජීවිතය,
"විජේ තව පැත්තට!"
ලොක්කාගේ අණට,
හාරන වල,
ඇඟිලි පුරුක් අතුරින්,
මිරිකෙන ජීවිතය,
ඩා බිඳු එකිනෙක,
රූරා ගලයි,
පෙන්වමින් නුඹේ වීරිය,
සිඟාකෑමට නොව,
අත වෙර, හිත වෙර,
එකතු කර පෙන්වන,
නුඹේ ආත්මය......

සිද්ධියේ මුදුනට