නාකි උනු නිදහස

64යි,
දැන් නාකියි නිදහසත්..
පුරන් අප්පුවේ, ඇවිත් බලාපන්,
සුද්දා එලවා දැමූ රටට,
කළු සුද්දා කොරපු විපත...
ලක් මාතාවට උනු හදියක තරම...
දමිළ, මුස්ලිම් භේදයක් නැතිව,
ගලවාගති සිරි ලංකාවම,
අනේ අපෙ බුදුන් වැඩි මව්බිම,
හූල්ලයි බලන්නට මිහිරි අනාගතයක් ලඟම...
නියම සිංහලයකු හොයයි ඈ,
ඔව්, තවත් සරදියලයැකු හොයන්නේ,  සතරදික්බාගයකම...
අනාගතය භාරගන්නට යන පොඩි එකාටත්,
මහින්ද හිමියනේ යන එන මං නැත,
තවත් එක මංගල්ලයක් නොව,
හිතේ සතුටින්, ආඩම්බරෙන් සමරන්නට,
බලා හිඳිමු අප, ගෙවෙන හැම තප්පරයකම..

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

0 අදහස් :

Post a Comment

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට