හීන

හීන,
හැමදාමත් සිතින් දැකපු හීන,
මම තනියම, මගෙ තනියට,
මම ම තනපු හීන,
මගේ හිතට, මගේ අතින් පාට තැවරු හීන.
නුඹත් ඇවිත්,
නුඹේ අතින් පාට කරපු හීන,
නුඹෙත් මගෙත් එකට ඇඳුන ඇඳෙන,
අපේ පුංචි හීන.

එකක් දෙකක්,
තවත් ටිකක් අඳින මකන හීන,
එකෙන් දෙකෙන් මහා ගොඩක්,
ඇති වුනි මට හීන,
නුඹෙත් නුඹේ පුංචි හිතෙන් දැක්ක,
දකින හීන,
එක තිරයක,
එක යායක තවත් අඳිමු හීන.
නුඹේ සිනහ මල් පිපියන්,
මටම පෙනෙන හීන.

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

8 comments :

  1. හීන බයානකයි මලයෝ -_- ඩබල් දලා දකින හීන අතිශ්‍ය බයානකයි. පරිස්සමෙන් !

    ReplyDelete
  2. හීන හීන හීන හීන හීන හීන හීන.........

    සුභ සිහින හැබෑ වේවා.........!

    ReplyDelete
  3. පතනෙමු අපි නව වසරේ ඉටු වෙන්නයි හීන............................ඔබට නව වසරක් වේවා

    ReplyDelete
  4. හීන ලෝකයක්නේ! ලස්සනයි. සුභ නව වසරක් වේවා!

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට