දිය බිඳකට හඬ නැගුවලු,
රැකෙන්නට,
පණ තියාගන්නට,
පොළවෙ හැපුනලු මළ කඳක්,
එකක්,
දෙකක්,
තුනක්...
දිය බිඳ වෙනුවට ලේ බිඳක් ලැබුනලු,
තෙමන්නට උන්ගෙ පිපාසය,
හැඬුවලු,
මොර දිදී හැඬුවලු,
ගැලූ කඳුලද පොලවට,
දිය බිඳ හැර රතු ලේ බිඳු,
හැඬූ උන්ගෙ කඳුළු බින්දු,
බලා උන්නුන්ගෙ සෝ සුසුම්,
දරා උන්නලු ඒ මහ පොළොව,
තාම හොයනවලු,
දිය බිංදු...
තුෂාර විතාරණ - කුරැටු ගෑ ගී පවුරෙන්
ReplyDeleteඇත්තට ම මේක මනුස්සකම ගැන ප්‍රශ්ණයක්. රටක රාජ්‍ය පාර්ශවය සහ රටේ ජනතාවගේ ආරක්ෂාවට ඉන්න හමුදාවක් මේ තරම් නින්දිත වෙන්නේ කොහොමද. හිතා ගන්නවත් බෑ. මේක තව දවසකින් දෙකකින් පස්සේ අපේ ප්රවෘත්ති නිලිකා වලට රහ නැති වුණාම අතහරියි. ඒත් මේ සිද්ධිය ඔස්සේ නිරාවරණය වුණු සත්‍යය තවත් තැනක තවත් දවසක මිනිස්සු සිය ගණනක් බිලිගනීවි.
මේක මනුස්සකම සහ ම්ලේච්ඡත්වය අතර ප්‍රශ්ණයක්. මේකෙන් අයෙම ප්‍රශ්ණ කරන්නේ අපි මහා ලොකුවට කියෙව්ව මානුෂීය මෙහෙයුම තමයි. එදා යුද්ධයට මැදි වුණ දෙමළ ජනතාවට මොනවා නොවෙන්න ඇත් ද. ගම්පහ මෙහෙම නම් ලෝකෙන්ම හංගපු යාපනය කොහොම තියෙන්න ඇත් ද.
ඒ මිනිස්සු තුන්දෙනා වෙඩි තියාගෙන මැරැණා කියලා හෙට අනිද්දි කියයි. නැත්තං මේක ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරපු හොර හමුදාවක වැඩක් කියයි. යුද්ධය දින්නට පස්සේ ඒක කරේ මං කියන්න කීදෙනෙක් හිටිය ද. මේ වැඩේදී අණ දුන්නේ හමුදාපතිද නැත්තං සේනාධිනායකයා ද..............
අදහසට ස්තූතියි...
Deleteවතුර....
ReplyDeleteවතුර....කඳුලු...
වතුර....කඳුලු....ලේ...
හමුදාවට නැත්නම් අහිංසක සොල්දාදුවට බිනන එක වැරදියි. රටක් ජාතියක් රැකගන්න උර දුන්න සෙබලා මේ ක්‍රියාවට නංවන්නේ ඔහුගේ හිතින් එන සිතුවිල්ලක්ද? නෑ . ඓහනම් ඒ වගේ ගොන් තකතීරු අණ දීමක් සිදු කල කවුරුන් හෝ ඉහල අතු සමුපූර්ණයෙන් මේකට වග කිව යුත්යි.
ReplyDeleteබොහොම හැගීම් දනවන පද පෙලක්...
ReplyDeleteකියන්න දෙයක් හිතාගන්න බැ
ReplyDelete