සහස

මතක මාවත දෙස හැරී බලමි,
ආ උන් ගැන,
ගිය උන් ගැන...
ඔබ ආ දින...
මල් පිපුනු ඒ මාවත දිගේ,
අදත් හෙමින් අඩිය තබමි,
පයට පෑගෙන වියැලි අතුමෙනි,
ඔබේ මතක.. අද එකිනෙක වියැලන...
මතකය ඉතිරිකර ගිය ඔබ,
සිහිනයක් දෝ එය හැඟෙයි මට,
ඔබ වත මා පපුතුරු සැඟවූ එදවස,
සිහිනයක්දෝ තවත් සොයමි මම...
පෑ සිනහ මල් නෙකතර,
කොබෝ ලීල පීදුනි එදවස,
දකිනට වරක් එම දසුන,
හැරෙමි, බලා හිඳිමි,
ඔබ මා හා හිනැහුනු,
ඒ දසුන... ඔබ සහස....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

5 comments :

  1. හ්ම්ම්ම්........ කාලෙකින්... වෙනස් වෙන්න අදහසක් නැ වගේ නේ ;)

    ReplyDelete
  2. තවත් සොඳුරු ඉසව්වක්...එන්නම් දිගටම..ජයවේවා..

    ReplyDelete
  3. ආපස්සට හැරිලා බැලුවොත් මතක මාවතේ හැන්ච්චි රස කතා සතුටු කතා කඳුළු කතා නම් එමටයි

    ලස්සනයි :) :) තවත් ලස්සන කවි පිරිනු ඉසව්වක් දිගටම එන්නම් කියවන්න :)
    ජය!

    ReplyDelete
  4. එකම විදියේ දෙතුන් වත්වක් එහා මෙහා අපි ඇවිද ඇති.
    බිමට නැවුණු අතු ඉති අතරේ අපේ කතාවන් රැදී ඇති

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට