සිත් පවුරු

රේඛා සටහන් එකිනෙක ඇඳිනි,
සිත් පවුර මත,
ඔබ අතින්, මා අතින්,
ඔබ හස රැඳුනි මතකයෙහි රූ රටා,
නෙතු අග රැඳි කැඳුළු කැටක වෙන්වී යන,
හිරු කිරණක් මෙන්,
වර්ණ විහිදීය,
මා හද පුරා,
ඔබ තෙපලූ වදන් කොඳුරයි තවත්,
සිහිනෙන් හෝ ඔබ දැකගන්නට,
සරමි නෙතු අයා,
දක්නා සෑම නෙතු සඟලතර,
සෙවීමි ඔබ දෙනයන ,
තවත් වරක් දැක ගන්නට,
රැඳෙන්නට,
සැනහෙන්නට,
ඒ මතකයට සමුදෙන්නට,
මා හද පවුරු බිඳලූ විජ්ජුලතා,
මාළිගය අතැර යන්නට,
පවුර බිඳලන්නට කාලයයි...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. ප්‍රශ්ණයක්.. ඇයි මලයෝ ඒ මතකයට සමුදෙන්නේ?

    ReplyDelete
  2. මතකෙට සමු දෙන එක තමා අමාරු උනත් කරන්න තියෙන හොදම දේ...
    හැබැයි පස්සේ කාලෙක මතක් කරලා හිතිං හිනා වෙන්න චුට්ටක් ඉතුරු කරගත්තත් වරදක් නෑ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මතකයන් අමතක කරන්න...හරිම අමාරු වැඩක්...

    ReplyDelete
  5. හමුවිම සතුටකි, සමුගැන්ම වේදනාවකි, ඒත් පසුකලෙක සොදුරු මතකයක් ද වේවි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට