යන්න

කතරට ලංවූ සිත,
වෙහෙස දරනට අරන් බර කරට,
මඟ වැරදුන සමනලියක තටු සිඳුනි මෙලෙක තැන,
අපා දුක් විඳ, යනෙන මඟ නොදැන,
යන්නට වූ තැන කොතැන,
උපන් බිම හැර ඔබට...

වරද කොතැනද,
සෙව්වද අද ඈ නැත...
කන්නලව් කල දෙවියන් ඉදිරිපිට,
අසරණ වුනි ඈ අද...
යනෙන මඟ රැකුමට,
සිටින උන් කෝ කොහිද?

යන තැනෙක සුපිපි මලක් වෙන්න,
දකින තැන සැපවත් කරන්න,
යනෙන තැන ඔබට සුව එන්න,
රිසානා, සොයුරියේ අද ඔබ යන්න....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. වෙන මොනවා කරන්නද අපි..

    ReplyDelete
  2. උන්ගේ ශරියා
    උන්ටම ඇරියා

    අපට මොකෝ බං. උන්මනේ ශරියා නීතිය හොඳයි කියලා කෑගහන්නේ.
    මොකෝ දන්නේ නෑ අපේ හම්බ හැත්ත තාමත් සද්දයක් නැත්තේ.

    අපට ශ්‍රී ලාංකිකයෙක් මැරුන එක ගැන නම් දුකයි. නිවන් සුව පතනවා රිසානාට !

    ReplyDelete
    Replies
    1. මොකෝ මල්ලි බස්සෙක් ද හ්ම් හ්ම් ගාන්නේ ?

      Delete
  3. රිෂානා වරු කොතෙක් බිහිවෙද දන්නේ කවුරුද?

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට