අද

ඔබ අතගෙන, අතැඟිලි පටලා,
පියමැන්නෙමි ඒ සොඳුරු මාවත මතින්,
උරිස මත්තෙන් තැබූ ඔබෙ හිස අග,
දඟකරන කෙස් රැල්ලක පැටලී එන,
මන්ද මාරුත ඉම දෙස බලා සිනාසුනෙමි,
අද...

වෙනදා සොඳුරු බස් තෙපලන ඔබ මුවඟ,
නිහඬ ඇයි අද සොඳුර,
හිස හොවා මා ළය මත,
පියා නෙතු සඟල,
තුරුලු වී ඔබ හුන් මතකය,
අමතක කරම් හෙට මා කෙලෙස?

සිතිජ ඉම සිප එන,
මාරුතය කෙඳිරූ ඒ සොඳුරු වදන් පෙල,
අහවර කලා දිවා රුදු වූ හිරු රැස,
ඔබ අත ගෙන,
නැවතත් පියමනිනට ආසයි,
ඒ මාවත,
ඒ මතකය,
ආදරයෙන් යලි වරක්,
සිහිකරනු පිණිස....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

12 comments :

  1. සමිප බවක් දැනුනේ ඇයි කියලා හිතුවේ, හ්ම්ම්...

    ReplyDelete
  2. මටත් නිකන් පාළුවක් තනිකමක් දැනුනා වගේ..:)

    ReplyDelete
  3. කදිම වදන් පෙලක්..විරහව ගානට සිත්තම් වි තිබෙන ආකාරය මනරම්යැ..

    ReplyDelete
  4. අදත් ලස්සනට ගලපලා විරහවේ පද පෙළක් !

    ReplyDelete
  5. විරහව ! හ්ම් හ්ම්

    ReplyDelete
  6. සත්තකින්ම අපුරුයි.....

    ReplyDelete
  7. පරණ මතකයන් අලුත් වෙලා දැනුන..

    ReplyDelete
  8. හ්ම්ම්ම්... ලස්සනයි..

    ReplyDelete
  9. ලස්සන ඉසව්වක්නේ අදමයි ආවේ දිගටම එන්නම් දැන්

    ReplyDelete
  10. Hitha pathulatama danunaa..
    Ehema une ai kiyanna theren na..

    Apuru nirmaanayak..
    Jayama Wewa !!!

    ReplyDelete
  11. ----අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි----

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට