පළමු හමුවීම

හමු වූ මුල් දිනම,
නෙක පැතුම් සිත දරාන,
බලා උන්නෙමි, ඔබේ නෙතු කැට දෙස,
මුවඟට වදන් එකිනෙක ගලපන්න,
ඉඩක් නැතිවැයි, ගොළුව ඉන්නට,
තෙපලන වචන එකිනෙක ඇහිඳ,
මනසින් ඈඳුවෙමි ඔබේ ප්‍රේමාද්‍යාසය...

බිම බලා හුන් දෙනෙත,
දුකක් රඳවා ඇති ලෙසක,
හිත කීරි ගැහුන, ඒ වචන පෙල,
ඇසී ඉකිබිඳිනු ඇසුනි මා හද...
ඈ මගේ නොව, මා ඇගේ නොව බව,
සිතට දරා ගැනුමට, සිතා ගැනුමට නොහැකිව,
තවම තතනමි ගලපන්නට,
ඔබ - මම - අපි නැති හෙට ගැන...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

4 comments :

  1. හපොයි ..පළමු හමුවීමම වෙන්වීමක් වෙලා වගේ
    :)

    ReplyDelete
  2. ඔය හෙට ගලපන එක හරි අමාරු වැඩක් මලයා.. මොකෝ හිත අහිමි බව පිළිගන්න අකමැති නිසා..

    ReplyDelete
  3. ඇරඹුම කඳුලක් වෙලා....

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට