රිදී රේඛාව

අඳුරු අහසට, කඳුළු මුතුවැල් බැඳී,
හඬන තරුකැට මෙන්ය හද නොරැඳී,
සිහින දෙව්දුව හමායන විටදී,
නෙතුමානයේ, පෙම්, සුළඟක් රැඳී...

විරහ කවි රැස, ලියූ හද අද,
යලිදු තෙත් වී,
චාන්දනිය වී පායා එනු මැනවී,
අඳුරු හද ගැබ,
එලිය ලද විටදී,
සඳකැන්ය ඔබ මුවඟ රැඳි සිනැහී...

සුසුමන් වියැකී, කඳුලැලි වියැලී,
හැඬූ තරු අද සිනහවෙනු පෙනුනී,
අළුත් රහසක් මුමුනනවා ඇසුනී,
රිදී රේඛාව සිත් අහස මත අද,
ඔබම මැයි ලඳුනී...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

9 comments :

  1. මටනම් මේ‍ක කියවද්දී තාලයක් හිතට ආවා .... හිරන්‍ය ලියන්න ඇත්තෙත් තනුවක් හිතේ තියාගෙන වෙන්න ඕනේ ..ඒ හින්දා මේ‍ක කවියක් කියනවට වඩා ගීතයක් කියන එක හොඳයි

    ලස්සන ගීතයක්

    ReplyDelete
  2. නියමයි මලයා නියමයි..

    ReplyDelete
  3. අදහස් වලට ගොඩාක් ස්තූතියි... :)

    ReplyDelete
  4. ලස්සනයි හිරන්‍ය

    ReplyDelete
  5. ඇත්තමයි මේක තාලයක් දාලා ගත්තා නම් නියම සිංදුවක් ...:)

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට