SMS

මේ දැන් දවස් දෙකකට කලින් වෙච්චි සිද්ධියක්... ක්ලාස් ඇරිලා එද්දි දැකපු, අහපු සීන් කෝන් එකක්...

ක්ලාස් එක ඇරිලා කස්ටියම එන්නෙ බස් එකෙන්... එහෙම ඇවිල්ලත් මම හන්දියෙන් බැහැලා තව ඇතුලට යන්න ඕනෙ...

ඒත් මෙදා අපෙ නඟාටත් ක්ලාස් තිබුන හින්දා තාත්තා හන්දියට ඇවිත් තිබුනා.. මාත් ඉතින් බස් එකෙන් ලෑන්ඩ් කරලා හෙමීට වාහනේට ගොඩ උනා..

ඊට පස්සෙ තමයි දැක්කෙ, වාහනේට පොඩ්ඩක් එහායි කඩේ ගාව පොඩි එකෙකුයි, අවුරුදු 18ක් විතර වෙන කොල්ලෙකුයි ඉන්නවා... අයියයි මල්ලියි වගේ...

අයියා ෆෝන් එක ඇදලා අරන් ටිකක් වෙලා කොට කොට හිටියා, ටිකකින් මලයා ඕක උදුර ගත්තා... අයියත් වැඩිය ගනන් ගත්තෙ නෑ වගේ. පොඩි එකා ගේමක් ගහන්න වෙන්ටැ කියලා හිතන්නැති...



ටික වෙලාවක් අරක දිහා බලන් හිටපු පොඩි එකා, මොනවාද කියවන්න ගත්තා, වැඩිය ඇහුනෙත් නෑ...

ටික වෙලාවකින් තමයි මීටර් උනේ මූ අයියාගෙ Inbox එක කියවනවා කියලා...

නිකනුත් නෙවෙයි, අර වචන ගලප ගලප කියන්නෙ..

"...මම... ඔයාගෙන්... ඈත්... උනේ...."

මායි නංඟියි මෙහෙ හෝ ගාලා හිනා වෙනවා... අයියා දැන් ඇඹරෙනවා, පොඩි එකාගෙන් ෆෝන් එක උදුරන්න බලනවා, ඒකටත් ඉඩදෙන්නෑ මේ ඇම්ඩා...

ඒ පාර අයියා කියපි... "කියන එකක් හෙමින් කියනවා!!"



ලොලේ ලොල්ස්! අනේ මන්දා... යකෝ කෑලි කරනවනම් ශේප් එකේ කොරහල්ලකෝ... ගමටම වෑර්ලස් කොරන් නැතුව...

අන්දොස් නේ! :P


:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

16 comments :

  1. මේ වගේ මිස් ෆයර් නම් කමක් නෑ සමහර ලොකු එවුනුත් ෆෝන් ඉල්ලන් බලන්නේ ඉන්බොක්ස් එකමනේ. දැන් හැබැයි සීක්‍රට් මැසේජ් කියල ඇප් එකක් තියෙනවා නොකිය වලට.

    ReplyDelete
    Replies
    1. නොකියා එකේ ලොක්කටත් වැඩක් සෙට්වෙලා වෙන්ටැ! :P

      Delete
  2. හෆ්ෆා කියලා වැඩක් නෑ.. පොඩි උන් නෙමෙයි සමහර මේ අපේ උනුත් ගත්ත ගමන් බලන්නේ මැසේජ්... මම නම් දෙන්නේ නෑ ෆෝන් එක කාටවත්ම..

    ReplyDelete
  3. ලෝ........ල්..... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. නෙදකිං....
    චාටර් නේ....
    බලන්නෙ හෙම නෑ මගේ ඉංබොක්ස් එක...
    රෙදි නැතුව යන්න වෙන්නේ පාරේ ඒක කියෙවුවොත්..

    ReplyDelete
    Replies
    1. හහාහාහාහා! හපෝ ඕවා බලලා තොවිල් නටන් බෑ අපිට! :P

      Delete
  5. මමනම් හොම්බ තලනවා මගේ 4න් එකේ මැසෙජ් කියවල අහූනොත්.... ( වෙලාවට කියවපු එකෙකුටවත් හොම්බක් තිබ්බෙ නෑ )

    ReplyDelete
    Replies
    1. අර පොඩි එකාගෙ හොම්බ තලන්නයැ? :P

      Delete
  6. හච්චෝ හී හී :) :)

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට