හෙන්දිරික්කා

යනමඟ බලා උන්නෙමි,
මාවත දෙපස සැළුනු,
හෙන්දිරික්කා මලක් පෑගුනු,
තෙතමනය කැවී දෙපා අගට..

හිමිදිරි පිනිබිඳු පැටලී,
තෙතබරිතව මල් ගොමු,
තවත් දවසක, තවත් කතාවක්,
කියන්නට තතනන අයුරු...

පෙර දිනක ඔබ පහස,
ලද මේ ගුරු පාර,
සුවඳ හෙන්දිරික්කාවන්ට,
පාළුයිලු,
අද,
ඔබ නැතුව..
පාළුයිලු,
අද,
අපි නැතුව...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

22 comments :

  1. ඉතිං මල් වල පාළු මකන්න ආයේ යන්න තියෙන්නේ...

    ReplyDelete
  2. මඟ බලන හෙන්දිරික්කා මල් සුවඳට
    ගිහින් එන්න
    අළුත් සුවඳක් හිතක රන්දන්න

    පින්තූරය ගොඩක් ලස්සනයි..
    ඒ වගේම සිතිවිල්ලත්..!

    ReplyDelete
  3. අද,
    ඔබ නැතුව..
    පාළුයිලු,
    අද,
    අපි නැතුව...

    ඒ මොකද හෙන්දිරික්කා මාවත අමතක වෙලාවත්ද?
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එයාට අමතක වෙලා... හෙන්දිරික්කා මාවතට තාම මතකයි..

      Delete
  4. මල් වලට පාළුව දැනෙනවා කියලා අදමයි නෙව දන්නේ... :)
    කවි සිතුවිල්ල ගින්දර !

    ReplyDelete
  5. අෆ්ෆේ අද මම සැහෙන්න ලේට් වෙලා නේ ඇවිත් තියෙන්නෙ...

    ලස්සනයි මලයෝ හැමදාම වගේ. එයාට අමතක නම් ඉතින් මල් පාර.... ඔයා තනියම මොනා කරන්නද... දෛවයේ ඇති ඒ මල් පාරේ ඔයාගේ අතින් අල්ලන් යන්න වෙන කෙනෙක්ගේ නමක්. ඒ නම් දැනගන්නකම් අපි ඉවසමු.

    පන්ඩිත ටොකාක්ද මන්දා ;)

    ReplyDelete
    Replies
    1. හිහි... කියන්නම්කො එයාව හම්බවුනාම... :)

      Delete
  6. Aran wattiyak kaha hendirikka mal hitenawa yannata pansal, awoth obath handaawaka ,, paluwak nodanee thiyevi adare masitha hamakal,

    ReplyDelete
    Replies
    1. මේ අදහස ලිව්ව ඔයා කවුරු උනත්, බොහෝම ස්තූතියි.. :)

      Delete
  7. සැලෙන මද නලට
    පොපියනා හද ගැස්ම
    හෙමින් හිරු මඩල
    සිප ගනී සිත් අහස
    අඩ ගසා සදූ නැති රැයට.................
    පරව යන සුදු රොස
    හිනහෙනා කඩුපුලට
    කොදුරාවි ලොව දහම................
    සෙමින් මා නෙතට
    උනුහුමින් පොපියන
    පැමිනිලා කදුලක්
    මතකයට නුබ දුන්නු ..........

    ***සචි***

    ReplyDelete
  8. හෙන්දිරික්කා මල් පිපෙන වේලාව හවස හතරට විතර කියන්නේ ඇත්ත ද?

    ReplyDelete
  9. ෂඃ! මාරම ලස්සනයි සහෝ!
    ජය!

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට