රෑ කිරිල්ලී

ඈ අවුත් රෑ කාලයේ,
වෙරළ තීරේ අගිස්සේ,
ගං ඉවුරු අසබඩින්,
පියඹා...
අළුයමට පෙර මල් සිඹින්නට,
රොන් උරන්නට,
කුමුදු මල් සෙව් කිරිල්ලියේ,
පියඹා, රෑනේ යන්නට අවුත්..

සැරින් සැරේ නෙතු අද්දර,
හීන මවනා,
රාත්‍රියේ චන්ද්‍රකාන්තිය ඔබයි,
කිරිල්ලියේ...

පමාවී ඈතට ඇදී,  නෙතු මානයෙන් එහා,
වෙන්වී නෙතු අගට දුක දී,
අත්තටු සළන, කිරිල්ලියේ,
රාත්‍රිය එනතුරු බලා ඉන්නෙමි,
නැවත ඔබේ තටු මත්තට වී,
දෙතොලතර, සැඟවෙන්නට....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

14 comments :

  1. "රාත්‍රියට ඇස් තියෙන නිසා දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි..."

    කවි සිතුවිල්ල නම් ගින්දර !

    ReplyDelete
    Replies
    1. හිහි, අනේ අපිනම් හොඳ ළමයි! O:-)

      Delete
    2. හේ හේ මධු අයියාගේ කතාව ඇත්ත මල්ලියෝ....

      Delete
  2. ලස්සනයි ලස්සනයි කවි සිතුවිල්ල...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්... මුලින් කියවද්දි හිතිච්ච දේ නෙවෙයි අගට එනකොට හිතුනේ...

    ReplyDelete
  4. නිසාචර කිරිල්ලී...
    බලාගෙන ඈ,..

    ReplyDelete
  5. රාත්‍රී අහසක
    රෑ සොදුරු එළි ලග
    තනි වෙන්න හිතයි
    මට තව
    රෑ කිරිල්ලියේ
    නුඹ ලගම..

    ReplyDelete
  6. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  7. ලස්සනයි පද පෙළ...

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට