කවිය ඔබ

කවිය ඔබ,
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ,
කවිය ඔබ, කවිය ඔබ...



මේ සින්දුව... උදේ ෆෝන් එකට කොට කොට ඉන්නකොට දැකලා, කාලෙකින් ඇහුවා... ගොඩාක් මතක උඩට ගේනවා...

දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ සොඳුරු හඬ කණ වැකෙනවාත් එක්කම, හිත ගොඩක් දුර දුවනවා...

වැඩි කලක් නැහැ, ඊලඟ උපන්දිනේට මාත් එක්ක ඉන්නවා කිව්වට, අද ඔයා නැහැ...


ඔබෙ අතැඟිලි කුරුටු ගෑ,
සුමුදු පෙම් පත තවම මා ළඟ,
ඔබෙ සුවඳ ඇත තැවරී,
මගේ අතැඟිලි අග සිරවී...

මුදු දෙතොලඟ සිනහ රැඳි,
වරම් නැත මට තවද දැකුමට,
ඔබෙ පහසින් සැනහී,
වරම් නැත අද ඉන්නට...

අටළොසට ඔබ මැවු,
ඒ අපේ හීනය,
බොඳ වී මැකී, ඔබ කොයිදෝ සොයයි,
හීන පත් ඉරු තවත් නැහැ,
මතකය රඳා ඈත ගිය කුමරිය,
කවි පද නැත මට ඔබ ගැන වැනුමට...

අතීතය ගැන හිත හිත ලතවෙන එක තේරුමක් නැහැ තමයි... ඒත්.....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

16 comments :

  1. එත් අතීතය ගැන සිත ලතවෙනවමයි.
    මේ හිත අකිකරැයි.
    මේ හිත ඔයා, මම වගේම හිතුවක්කාරයි.
    හිත අතීතයට ආදරේයි.

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරයි, අතීතෙට ආදරෙයි,
      තාමත්...

      Delete
  2. අයි හේට් ලව්ස්ටෝරි.. ~X(

    ReplyDelete
  3. ගියවුන් ගැන සිතා පලක් නැත!

    ReplyDelete
  4. වෙච්චි දේ ගැන හිතලා වැඩක් නෑ.ඒත් නිකම්ම සිහියට එනවා...

    ReplyDelete
  5. හිඳීවි කොතැනක හෝ
    හිමිකාරියක් උපන් නුබේ නමින්
    වඩිවී කෙදිනක හෝ
    ඒ එන තුරා අත පතාගෙන ඉඳින්

    ReplyDelete
  6. අතීතය සිහිනයක් පමණයි !!

    ReplyDelete
    Replies
    1. එදා සෙනෙහෙන් නොබැඳුනානම්,
      මෙදා වියොවක් නෑ...

      Delete
  7. අතීතය ලේසියෙ අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි... එහෙම උනානම් කොච්චර දෙයක්ද..

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට