කවිය ඔබ,
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ,
කවිය ඔබ, කවිය ඔබ...
මේ සින්දුව... උදේ ෆෝන් එකට කොට කොට ඉන්නකොට දැකලා, කාලෙකින් ඇහුවා... ගොඩාක් මතක උඩට ගේනවා...
දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ සොඳුරු හඬ කණ වැකෙනවාත් එක්කම, හිත ගොඩක් දුර දුවනවා...
වැඩි කලක් නැහැ, ඊලඟ උපන්දිනේට මාත් එක්ක ඉන්නවා කිව්වට, අද ඔයා නැහැ...
ඔබෙ අතැඟිලි කුරුටු ගෑ,
සුමුදු පෙම් පත තවම මා ළඟ,
ඔබෙ සුවඳ ඇත තැවරී,
මගේ අතැඟිලි අග සිරවී...
මුදු දෙතොලඟ සිනහ රැඳි,
වරම් නැත මට තවද දැකුමට,
ඔබෙ පහසින් සැනහී,
වරම් නැත අද ඉන්නට...
අටළොසට ඔබ මැවු,
ඒ අපේ හීනය,
බොඳ වී මැකී, ඔබ කොයිදෝ සොයයි,
හීන පත් ඉරු තවත් නැහැ,
මතකය රඳා ඈත ගිය කුමරිය,
කවි පද නැත මට ඔබ ගැන වැනුමට...
අතීතය ගැන හිත හිත ලතවෙන එක තේරුමක් නැහැ තමයි... ඒත්.....
රඟන්න
4 hours ago









එත් අතීතය ගැන සිත ලතවෙනවමයි.
ReplyDeleteමේ හිත අකිකරැයි.
මේ හිත ඔයා, මම වගේම හිතුවක්කාරයි.
හිත අතීතයට ආදරේයි.
හිතුවක්කාරයි, අතීතෙට ආදරෙයි,
Deleteතාමත්...
අයි හේට් ලව්ස්ටෝරි.. ~X(
ReplyDeleteමී ටූ... :P
Deleteමී ත්රී
Deleteමී ෆෝ !!!
Deleteගියවුන් ගැන සිතා පලක් නැත!
ReplyDeleteහ්ම්ම්...
Deleteවෙච්චි දේ ගැන හිතලා වැඩක් නෑ.ඒත් නිකම්ම සිහියට එනවා...
ReplyDeleteඔව්....
Deleteහිඳීවි කොතැනක හෝ
ReplyDeleteහිමිකාරියක් උපන් නුබේ නමින්
වඩිවී කෙදිනක හෝ
ඒ එන තුරා අත පතාගෙන ඉඳින්
හිහී... හොඳයි හොඳයි! :)
Deleteඅතීතය සිහිනයක් පමණයි !!
ReplyDeleteඑදා සෙනෙහෙන් නොබැඳුනානම්,
Deleteමෙදා වියොවක් නෑ...
අතීතය ලේසියෙ අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි... එහෙම උනානම් කොච්චර දෙයක්ද..
ReplyDeleteහ්ම්ම්ම්...
Delete