වැටුනු සළඹ

සිලිං සිලිං,
පා සළඹ,
වැනුනි, ගැයුවේ ඔවුනගෙ ගීතය,
වේදිකාව මත රඟන ඈගෙ,
පා පහස ලැබ,
හඬ නැගීය තාලයට...

වන්නමට සීරුවෙන්,
පාද එක දෙක තබන්,
සිනහවක් මුව හොවන්,
නටත් ඈ සොම්නසින්...

රටා මවමින් නෙක,
පාද යයි නැටුමට,
බෙර හඬට තාලයට,
අවනතයි හිතට පෙර...

පාද පොඩි පැකිළුනා,
                                                                   බෙර හඬද නැවතුනා,
                                                                   පාද පොඩි පහස නැති,
                                                                   පා සළඹ නැවතුනා...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

16 comments :

  1. 'පාද පොඩි පහස නැති,
    පා සළඹ නැවතුනා...'

    මේ ටික ගොඩක් හිතට වදිනවා.
    ලස්සනයි!

    ReplyDelete
  2. එල...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. X_X කුමරියක පා සළඹ සැලුනා...

    ReplyDelete
  4. ලස්සනයි යාළුවා ඇත්තටම.. අදයි මේ පැත්තේ ආවේ ඉස්සෙල්ලම..

    ReplyDelete
  5. // පාද පොඩි පහස නැති,
    පා සළඹ නැවතුනා...//

    අන්තිම පද පේලිය ළඟ හිතත් නැවතුනා..
    ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  6. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට