සොයන මල

මිහිදුම කැටි කල,
එක් පිනිබිඳක්,
පිපි මල අග රැඳී...
සිප ගැනුමට පෙර,
හිරු කිරණ,
බඹරිඳු සොයන,
සුපිපි මල,
සීත මැදින් සොයන,
රුවැති මල...

විඩාබර තටු අගට,
ඉඩක් නැහැ වෙහෙස නිවනට,
සීත මිහිදුම පීරමින්,
තවම සොයන,
සුපිපි මල,
රොන් තුඩු අග සිඹිනට,
සිත විඩා නිවුමට....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

15 comments :

  1. හිරුට පෙර
    රහසේ
    සිප ගන්න
    එකවරක්
    සීතලෙන්
    මිඳුනු මා
    උණුසුම් කරවන්න
    හාදුවෙන්..

    ලස්සන සිතුවිල්ලක්.

    ReplyDelete
  2. කැකුලු මල නිසා නොතලා යන්න යමී... =))

    ReplyDelete
  3. ලස්සන වචන ටිකක් යාලු :)

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  5. පිනිබිදු
    රගන විට
    ඔච්චමට
    කොහෙන් විමසන්නද මං
    නුඹේ ඔය සිත ගැන....
    කදුලු පිනි දියකර හිරු ළග
    සිනාසෙන්නට
    අලුතින්
    ඔබ එනවද?
    මලයි මම
    නුඹ සොයන
    විදින දුක් නේක
    කටු අතර සිරව..

    ReplyDelete
    Replies
    1. තවම එමල,
      සොයමි මම,
      සිනාසෙන්නට,
      කඳුළු නුඹ නෙතඟ,
      වියැකෙනු දැකුමට...

      Delete
    2. හීන කුමටද රිදෙයි නෙතු අග
      රොන් දරා නුඹ නමින් පුදනට
      පෙරැම් පිරුවත් කදුලු ගංඉම
      සිහිනයකි එය සෙමෙන් මියයන...

      Delete
    3. රිදෙන නුඹ නෙතු අග,
      සිප නිවා සනසනට,
      සොයන මල නුඹ කොහිද?
      පාට නැගුමට නුඹේ සිහිනෙට...

      Delete
    4. මල් නොපිපි මිටියාවතක
      මිහිදුම් සේල මැද
      පැල්පත් මාලිගයක් අසබඩ
      එකම මල මම
      තනිව ළතැවෙන.....

      Delete
    5. පාළු මිටියාවතම,
      සුවඳ කරන,
      මල වෙන්න නුඹ...
      මිහිදුම් සේල මැද,
      හිමිදිරි හිරු කිරණ දැක,
      සැනසෙන්න නුඹ...

      Delete
  6. නි


    යි... :-bd

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට