Exceptional කසුන්

ලංකාවේ ටකරන් music සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, ලයාන්විත ස්වරය, කසුන් කල්හාර...


RnB, HipHop, Pop, බස්, ටකරන්, ලාබයි පැපොල් ලෙස අම්බානෙකට Genres ඇත. ඔය එක එක ජාතියට මිනිත්තුවෙන් මිනිත්තුව ගායකයෝ එක්තුවෙන හැටිත් පුදුමාකාරය. ගායකයන් මවන සම්ප්‍රදායට පෙර එලඹුනු "නියම හඬ" කීපයෙන් එකකි, කසුන් කල්හාර. Quantityයට වඩා, Qualityයට තැන දෙන, අසන කෙනෙකුට නැවතත් ආසාවෙන්, හිත නිවෙන ලෙස අසන්නට ඉඩ දෙන හඬකි, කසුන් කල්හාර.

කේමදාස මාස්ටර්ගේ හොඳම නිර්මාණය, කසුන් කල්හාර යැයි කීම වරදක් නොවේ. පියානෝව හා ගිටාරය අතර බැඳෙන ස්වර එකිනෙක ගලපා, පද බන්ඳා සවනට මිහිරි ගීතයක් ගෙන ඒමට සමත්ය. ඉන්ද්‍රචාපා, නදීක ගුරුගේ වැනි තවත් නියම සංගීතඥයන් හා මුසුව තැනූ ගීත ලාංකීය, නියම සංගීත ප්‍රේක්ශකයා අතර සදා පවතිනු ඇත.

"Black is deep. Black is regal. Black endures. Red scalds. Red is passion. Red rouses love. White is virginal. White waits to be explored. Trusts seduction will not taint." - Black, Red and White Concert

කසුන්ගේ සංගීත් ගමන වසර 2000දී පමන, ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ ඇරඹිනි. හරිත නිම්නයේ ගීතයෙන් ප්‍රථමයෙන් අපේ හදබැඳ ගත් ඔහු විසින් 2001දී ප්‍රථම ගීත කුලකය, "හරිත නිම්නයේ" ලෙස එලිදැක්විනි.

හරිත නිම්නයේ
චේත කන්‍යාවී
සඳ සඳ වගේ
තරු කැටයක් වී
ආදර මල්
Escape
හැඟුම් මතුවේ
වළාකුලක් වී
ඔබ පිපුනා
මල් වරුසාවේ
වීනාවී
වයින් කෙන්ඩියේ
කවුළු පියන්පත්
නතාශා
ආචාරියා

ඉන්පසු 2005 දී, "රැඩිකල් ප්‍රේමය"

 ආදරේ කුරුටු ගෑ
අප්පච්චී
දෑත විහිදා
එක වසන්තයක
හසඟනාවී
ඉරිමා උදයේ
ලිහිනියෙකු සේ
මල් මිටක්
මනමේ කුමාරී
පාවෙලා යන්න
රැඩිකල් ප්‍රේමය
සිතිජ රේඛා
සොඳුරු සිතුවම්
සුළඟ ඔබද
සුසුම් පොදක් වී
Wordless
There She Comes

2008දී "Romantic Opera"

 හෙට අළුත් අලුයමක්
අඳුරේ
ආදර සිතුවම්
රෑ අහසින්
ලෙයිලා
වර්ණ
පිටස්තරයා
සඳ ඕනා
කඳුළු
ඔබට මතකද තවම
රෝමාන්තික ඔපෙරාව
මේ හීනයේ
හරිත වන රේඛාව
ඇරඹුමම කඳුලක් වෙලා



රියැලිටි ශෝ නොව, රියලිටිය මෙය බව පසක් කරන්නට කසුන් සමත්ය. අනුකරණයෙන් තොරව, රසවින්දය සඳහාම නිමැවුනු, අර්ථවත් පද රචනයන්ගෙන් හෙබි ගීත එලිදැක්වීමට ඔහු සමත්ය. Mood Songs ලෙස සැලකෙන මේ ගීත සියල්ලක්ම පාහේ, සිතට දැනෙන, හැඟුම් දනවන ආදරණීය ගීතම වේ. කස්සා, කසුන් කල්හාර, මැක්සා කස්සා, රැඩිකල් කසුන් ලෙස හැඳින්වෙන මේ කලාකරුවාගේ ගමන තවත් ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ ලයාන්විත හඬින් තවත් සවන පිනවන ගීතයන් එනතුරු, අපි බලා ඉන්නෙමු...

"..මා හුදකලාවේ නොහෙලා,
ආදරේ දෙවඟන
සදහටම එකට
එක ආදරයක
එක මිහිරියාවක
ගිලී රඟන්න එනු මැන
පියුම් මතින්.." 

 

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

16 comments :

  1. අහා මමත් මෙයාට කැමති..... හ්ම්ම්ම්ම්.... :)

    ReplyDelete
  2. කස්සගෙ වොයිස් එකයි ස්ටයිල් එකයි දෙකම පට්ට ඈ..
    මැක්සා.. \m/

    ReplyDelete
  3. අනේ.................... මගේ ආ.........................................................සම ගායකයා......:)

    ReplyDelete
  4. man obath ekka ekagai sahodaraya..
    mathakadi bihiwunu dakshayek..
    ape kalaye dakshayek kiwoth man niwaradi..
    ahanna puluwan widiyata tharunyata kathakarana gayakayek..
    tharunyatama kotu wela na ehema kiwata..
    mokda mohuge boho githa onama kenek mumunanawa..
    mata mathakai thamath.. kawulu piyanpath wahanna githaya awa dawas wala ape appachchi hemita miminuwa..
    bohoma wenas padha sankalana wagema nadha ratawak thiyenawa mohuge hama giyakama..
    akasa gange.. saha
    sihinayata tharam ..
    githa lagadi ahanna labuna kasun kalharage..
    adare gana bohoma sunadarawa katha karala thiyenawa.. apurui.. anik hama nirmayak wagema, ohuge hadath, thanuwath..
    -Nilu-

    ReplyDelete
  5. ලාංකීය සංගීත කලාව ඉදිරියට ගෙනියන්න ඉන්න කෙනෙක්.

    ReplyDelete
  6. මමත් කැමතිම ගායකයෙක්..අර ඉන්දුචාපත් එක්ක නේද එලි බැස්සේ. මේවයේ බාගතකිරිමි ලින්කු ටිකත් දැම්මනම් කදිමයි..

    ReplyDelete
    Replies
    1. ඔව්, දෙන්නත් එක්ක එකටම තමයි වැඩ පටන් ගත්තෙ.

      Delete
  7. මේ හැම ගීත තැටියක්ම මන් ගාව තියෙනවා. ඔහුගේ ගොඩාක් ප්‍රසංග මම නරඹාත් තියෙනවා.
    ඇත්තටම කසුන් ඉන්ද්‍රචාප කාලෙකින් ලංකාවේ බිහිවුණු හැබෑම දක්ෂයෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, නියම දක්ෂයන් දෙන්නෙක්!

      Delete
  8. කසුන් දැන් දෙමළ තනු වලට සින්දු කියන එක අවුල්....එ කියන්නෙ කසුන් හින්ද...

    ReplyDelete
    Replies
    1. දෙමළ තනු උනත් පද රචනය ආයෙ සුපිරිනෙ මචං...

      Delete
    2. මචෝ දෙමළ තනුව කිව්වෙ අර සඳ මිතුරි එකද? ඒකනං රාජ් ගොයිය හෙන ඉස්සර බාලසුබ්‍රමණියම්ට කරපු එකක් පස්සෙ කසුන්ට දීපු සීන් එකක්... මේක බලන්ඩකෝ

      http://goo.gl/GIz4v

      Delete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට