සිත් අහසට

මේක ලියවුනේ බුකියේ, සිත් අහස ගෲපියේ... මම විතරක් නෙවෙයි, මහිත් මේකට ලිව්ව අදහසත් මෙතන ලියන්න හිතුනා...

දරාගන්න බැහැ,
දැන් මට,
කියාගන්න බැහැ,
නුඹ හට,
මිතුරුදමකට වඩා,
සෙනෙහසක් දැනෙනවා කියා,
සිතාගන්න බැහැ,
අද මට,
සිනාවෙන්න බැහැ,
ඔබ වෙත,
මගේ සිත තවත් දුර ගියා කියා...

▬ හිරාන් ▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
උරැම කඳුලද
අහිමි සතුටද
අමුතු බයක්දෝ
කුමක් හෝ
මට දැනේනවා...
කියන්නට බැරි
සිතන්නට බැරි
යමක් කොහෙහෝ
සිදු වුනාදෝ
පුංචි සැකයක්
තියේනවා....

▬ මහි ▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

තනිකම,
පාළුව,
පුරුදු මට,
අහිමි සතුටක්,
අහිමි පෙමක්,
අරුමයක් නොවුවද,
මිතුරියක ලෙස හෝ,
මගේ දිවියේ,
ඔබ නොමැතිවුනි නම්...
ඒ දිනක් ගැන,
සිතාගැන්මත්,
කල නොහැකි බවනම්,
මම දනිමි,
සොඳුර...
ඔබ මගේ යැයි සිතා,
සැනහෙමි..


▬ හිරාන් ▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

පෝස්ටුවේ ලින්කුව : සිත් අහස


:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. මාත් ගොඩක් ආසයි ඔහොම එක දිගට කාත් එක්ක හරි පද බදින්න

    ReplyDelete
  2. හරිම ලස්සනයි

    ReplyDelete
  3. :D හනේ නියමයි... මම ලිවුව එකත් දලා... තැන්කු යාළු....

    __සිහින මදාරා___

    ReplyDelete
  4. ලස්සනට ලියලා තියෙනවා නොවැ ...

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට