ගෙත්තම

කාලයත් එක්ක,
අපි ගෙතුව ගෙත්තමක්,
රටා දමමින්, හැඩට සැදි,
පාට එකිනෙක ගලපා,
ගෙතුව එක ගෙත්තමක්...

නොදන්නා සිත්තරකු සමඟ ඔබ,
අඳින්නට ගිය සිත්තමක්,
ඉතිරි කලේ අපට,
පැටළුනු ඉරුනු කමකට නැති,
පාටත් නැති ගෙත්තමක්...

එය තවත් එපායැයි කියා ඔබ,
ඉරා විසිකලා මතකයි,
ඔබේ දෙපාමුල නූල් කැබලි තිබුනා මට මතකයි,
ඉඳිකටු තුඩ සිදුරු කල මගෙ හදවත,
නෙතු පියවෙන තුරු දැක්කේ,
පෙර අප ගෙතූ ගෙත්තමම පමණයි...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

5 comments :

  1. ලස්සනයි !

    ReplyDelete
  2. geththama lassanai hode......

    ReplyDelete
  3. ගෙත්තම සුදුද කලුද අලුද මන්දා....
    ජයවේවා!!!!!!

    ReplyDelete
  4. ලස්සන ගෙත්තමක් .............

    ReplyDelete
  5. ගෙත්තම නියමයි :)

    ___සිහින මදාරා___

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට