ආත්මය

දඩ බඩ,
සැඩ හඬ,
මැද වගුරන,
ඔබේ ජීවිතය,
"විජේ තව පැත්තට!"
ලොක්කාගේ අණට,
හාරන වල,
ඇඟිලි පුරුක් අතුරින්,
මිරිකෙන ජීවිතය,
ඩා බිඳු එකිනෙක,
රූරා ගලයි,
පෙන්වමින් නුඹේ වීරිය,
සිඟාකෑමට නොව,
අත වෙර, හිත වෙර,
එකතු කර පෙන්වන,
නුඹේ ආත්මය......

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

4 comments :

  1. අත නොපා ජීවත් වෙන්න විරියක් තියෙන්න ඕනේ නොවැ

    ReplyDelete
  2. එහෙම තමා හිගා කනවාට වඩා එක කොච්චර හොදද..

    ReplyDelete
  3. ගිනි ගහන
    දහවලේ
    ලය සුසුම්
    පොදි බැදන් .......
    වැටෙන දා
    බින්දු
    පිස
    ගනින්
    ලොවට
    රහසෙන්...........
    කන්නට
    එක වේලක්
    වත්
    තව ටික දොහක්
    වත්
    ඉන්නට .............

    ReplyDelete
  4. හිතට දැනෙන්නම ලියලා හ්ම්ම්..

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට