දාර්ශනිකයා

මේක අපේ Physics පන්තියෙදි වෙච්චි සිද්ධියක්. ගිය සෙනසුරාදා, (2012.06.23) අපේ ප්‍රපාතසිංහ මහත්තයගෙ පන්තියෙ පේපර් එකක් ලියන ගමන්, මගෙ එහා පැත්තෙ උන්නු එකාගෙයි මගෙයි ඇතිවුනු කථාවක්...



MCQ 60ක් කරද්දි දන්නවනෙ තියෙන ආතල් එක, ඒ මදිවට Physics. සර් පේපරේ දීලා මාරු. මායි, මූයි විතරයි. (කොළුවට සර් කියන්නෙ අත්කොට් කියලා, අපිත් එහෙමම කියමු) අත්කොට, ප්‍රශ්න 50ක් විතර ඇරලා දාලා කරලා උඩ බලන් ඉන්නවා. මූ ඉතින් කොහොමත් මීටරේ නිසා, මාත් වැඩිය ගනන් ගත්තෙ නෑ, මොකක් හරි අපභ්‍රරංස ගානක් ගැන හිතනවා වෙන්ටැ කියලා මම හිතුවෙ.(මේ වෙද්දි මම ප්‍රශ්න 30ක් විතර බලපතල තත්වයෙන් කරලා තිබුනෙ)

මිනිහා ටිකක් වෙලා උඩ බලන් ඉඳලා, "මචං උඹ ගිය සඳුදා දොරමඬලාව බැලුවැයි?"...

මට පොඩ්ඩක් මීටර් වෙන්න වෙලා ගියා, (හෑ මොකා?) "ආ ඔව් බොලේ, පොඩ්ඩක් බැලුවා, මැච් එකත් තිබුන නිසා මුල් ටික විතරයි ඉතින්..ඇයි මොකෝ සීන් එක?"


"නෑ බං, එදා ටෝක ගියෙ ජීවය ඇති උනේ කෝමද කියලා, මට උන්ගෙ එක තියරියක්වත් පිලිගන්න බෑ බං"

(ඉතින් වදේ මං මොනා කොරන්නෙයි ඒකට?) "හෑ, එතකොට උඹ කියන්නෙ අපි උඩින් පාත් උනා කියලද?"


"එහෙම නෙවෙයි බං, දැන් ඔය පිලිගත්ත තියරි තියෙන්නෙ, ආදි සූපයේ ඇති උනා, නැත්නම් වෙන ලෝකෙකින් පාත් උනා කියලනෙ? ඒත් ඉතින්, ඔය සුප් එකේ ඇති වෙන්න තියෙන සම්භාවීතාව ගොඩක් අඩුයිනෙ බං, දීලා තියෙන අගයෙ හැටියට, 0ට සමානයි."


"එහෙනම් ඉතින් වෙන ලෝකෙකින් ආපු එකෙක් හලලා ගියපු කුණු ගොඩක් වෙන්නැති බං අපි"


"එතකොට උඹ කියන්නෙ ඒ ජීවීන් ඇති උනේ කොහොමෙයි?"

(මම දන්නවයැ? දන්නවනම් තාම A/L කොරනවයැ?) "ඒකත් ඇත්ත, එහෙනම් උඹ කියන්නෙ කොහොමෙයි?"


"එතන හිටපු හාමුදුරුවො කිව්වෙ හේතු ඵල වාදයෙන් මේක පැහැදිලි කරන්න පුළුවන් කියලා, ඒත් ඉතින් චක්‍රයක් කොහොමද බං එක පාරම පටන් ගන්නෙ, චක්‍රෙකට පටන් ගැන්මක් නෑනෙ? දේව මැවුම් වාදය කොහොමත් පිලිගන්න බෑ...."


"ඉතින්?"


"මට හිතෙන්නෙ අපි ඉන්න කාල පථය අනිත් ඒවයින් වෙන්වෙලා කියලා, නිකන් විශ්වයෙ අතරමං වෙච්ච, කාබන් මූලික වුන ජීවීන් සමූහයක්!!"


(මල හත්තිලව්වට ගහපු මල කලාබරයි කිව්වලු!!) "උඹට ඔහොම එකක් හිතුනෙ කොහොමෙයි?"

"මේකනෙ බං, හිතපන්, උඹ කුරුමිණියෙක්ව අල්ලලා, බෝතලේකට දාලා ලංවෙලා බලං හිටියා කියලා, කුරුමිණියට ලෝකෙ වෙන්නෙ අර බෝතලේ ඇතුලෙ තියෙන පරිසරය විතරයි. ඊට එහ තියෙන් තැනකට යන්න බෑ. අපේ විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා ගන්නෙ, ඕකෙ කොනක් හොයන්න බැරි නිසානෙ, කොනක් හොයාගත්තා කියමුකො, ඕකෙන් එහාපැත්තෙ තියෙන්නෙ මොනවයි? අන්න ඒ වගේ, මේ කාල පථයෙ අපි තමයි කුරුමිණියො"


"එතකොට උඹ කියන්නෙ, ජීවය ඇතිවීමට හේතුව, බෝතලෙක් එහාපැත්තෙන් ඉඳන් අපි දිහා බලන් ඉන්නවා කියලද?"


"එහෙම වෙන්න පුළුවන්."

"ඒතකොට ඒ ජීවියෝ ඇති උනේ කොහොමද?"


"ඒකට තියරියක්නම් මට තාම මීටර් නෑ බං, පොඩි අදහසක් තියෙනවා, ඒ ජිවීන් පදාර්ථමයෙ නොවෙන්න පුළුවන්."


"උඹ කියන්නෙ, ශක්තියක් විදියට ඉන්නවා කියලද?"


"ඔව්, කොහොමත් පදාර්ථය ශක්තිය කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා ඉවරයිනෙ බං..."


"හ්ම්ම්ම්.... ඔව් ඔව්, වෙන්න බැරි නෑ... උඹ එහෙනම් ඕවා දවක ඔප්පු කරහංකො, එදාට හැබැයි මතක ඇතුව කියපන් පන්තියෙ බංකුව උඩ ඉඳන් ඕක මුලින්ම කථා කරේ මාත් එක්ක කියලා...!!!"


"හිහි, අනිවා මචෝ.."

ඕන්න ඕකයි අපේ අත්කොට් දාර්ශනිකයගෙ තියරිය, මොකද හිතන්නෙ? කොටා හරිද? උට පිස්සුද? නැත්තන් මේක අහන් හිටපු, කියෝපු අපිට දෝදුද?


:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

21 comments :

  1. මටනම් තේරුම් ගන්න අමාරුයි මේ ලිපිය ,මම උසස් පෙලට කොමස් කරේ ...

    ReplyDelete
    Replies
    1. වැඩි දෙයක් නෑ, අයින්ස්ටයින් මහත්තයගෙ තියරියක් එක්ක තමයි

      Delete
  2. ප්‍රතාපසිංහ මාර බුවෙක්....තාම ඉන්නව නේ පොර..මං හිතුව දැන් බිල ඉස්පිරිතාලෙ වෙන් ඇති...

    ReplyDelete
  3. අර කාලපතයෙ සීන් එක කොහොම මීටර් උනාද මන්ද

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් බං හිතන්න පුළුවන්නෙ, කාලයෙ අගක් මුලක් හොයන්න බැරිනම්, සමාන්තර කාල පථයක් වෙන්න බැරිත් නෑනෙ?

      Delete
  4. අපරාදෙ කියන්න බෑ මොළේ ඇති කොලුවෙක්. හැබැයි ඕව කල්පනා කොරල මොළේ නරක් කොර ගනීද මංද!

    විශ්වය අනන්තයි කියන එකත් ඒ තුල විය නොහැක්කක් නොමැත කියලත් තේරැම් ගත්තහම පහසුයි.

    ReplyDelete
    Replies
    1. මාත් කිව්වෙ ඉතින් අර සම්භාවිතාව සිද්ධියනම් ව්එන්නත් පුළුවන් කියලා, මෙච්චර සංකීරණ පද්ධති, ක්‍රමානුකූලව සකස් වෙලා තියෙන විදිය දැක්කම අහම්බයත්, අහම්බයක්දෝයි කියලත් හිතෙනවා.

      Delete
  5. මේ සිරාවටම මූට පේපර් එක දැකලා ලේසි වැඩිකමට මොලේකචල් උනාවත් ඩ
    හැබැයි සිරා කථාව ........

    ReplyDelete
    Replies
    1. මුට මොලේ කචල් උනොත් බැරියැ! :P

      Delete
  6. කියෝපු මට දෝදු වගේ නිමිල හිරණ්‍ය මහත්තයෝ :D

    ReplyDelete
    Replies
    1. හිහී...ඔව්වා ඕම තමයි! සැලෙන්න නාකයි! ;)

      Delete
  7. මෑන් මොකටද මල්ලි a/l කරන්නේ

    ReplyDelete
    Replies
    1. මේක සිරි ලංකාව නොවැ අයියෙ... :)

      Delete
  8. බලන් ගියහම මට විතරක් නෙවි ගාල්ලෙ උන්ගෙන් පිස්සු ඈ :D

    ReplyDelete
  9. නොදකින් උබ අතකොටාට පිස්සු කියන්න බැහැ එතන හිතන්න පුලුවන් කතන්දර ගොඩක් තියෙනව 2ක් දාලම කතාකරමු........;-)

    ReplyDelete
    Replies
    1. හිකි හිකි, දෙකේ දාලා කතා කොරන එව්වා මතක හිටීද බං?

      Delete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට