යන්න



කියන්න, තව එක සැරයක්,
ආදරෙන් නෙතු සලා..
සඟවන්න ඔය වත, මගෙ පපුතුර හොවා...
අපි අපෙමදැයි කියා, ඔබ මගෙමදැයි කියා,
අපිද නොදනිම්, සිහිනයට ඉඩදෙම්..
රිදවන්න, තව ඉඩක් නෑ..
හඬවන්න, තව කඳුළු ඉතිරිව නෑ..
ගලායන්න,
නෙතු අද්දර කඳුළු කැටක් මෙන්,
කුමරිය අද යන්න,
හද පත්ල, කීරි ගැහෙන, සීතලක දවටලා...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

8 comments :

  1. Aadare Nam Wadak Naha Yaluu! Ath Oya Liwwa De Lassanai..:)

    ReplyDelete
  2. කියෙව්වත් මම දහස් වර..
    අනේ දැනෙන් නැති හැටි නුඹට..
    ඔය හදට දැනෙන්ට ආදරය..
    නුඹ නමින් දිනක මා මිය යා යුතුය..

    ReplyDelete
  3. විරහව මේ තරමටම ???

    ReplyDelete
  4. අපූරුවට ගලපලා තියෙනවා! ලස්සනයි.

    පාරන්නට පාරන්නට සුව වීමට කල් ගන්නා, සුව වූ කල සදහටම රිදුම් දෙන කැලලක් ඉතිරි කරනා තුවාලයකි විරහව.

    ReplyDelete
  5. සොඳුරු බව
    සියතින් ගෙන
    උපන් පුංචි
    කුමරියේ
    දා බිදු මැද
    ගිනි අව්වේ
    සිසිල් සුවය
    නුබ වින්දේ ............
    ලා අරුනැල්ලට
    සෞම්‍ය සඳ
    එලියට
    සම වුනු නුබ
    නොව මගේ .............
    රජ මැදුරේ
    සඳලු තලේ
    නුබ සිටියා
    මට පෙනේ
    ඔබ පා මුල
    සිටිනා මම
    කව්දැයි
    මට සිතේ .....................
    (ඒ මට මේක කියවනකොට දැනුන දේ ලස්සනයි මිතුර )

    ReplyDelete
  6. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! :)

    ReplyDelete
  7. හරිම ආදරණීය ලියමනකි....

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට