වෙන් වෙන්න පෙර

ගොම්මන මැද තුරුල් වෙන ඔබේ සිනහව,
අඳුරු බව දැන, හිත පොඟවයි ඔබේ නෙතු අග,
පිනි කැට මෙන්ය, එක්වෙයි නෙතඟ,
රෑ තාරුකා විළස, වියැකෙයි වියලෙයි මොහොතින් දෙනෙත,
රැයක සුසුමන් සීතයි,
බොළඳිය, සමුගන්නට කාලය විත් මෙලෙස...

යන එන ගමන දුරයි, කටුකයි,
විටෙක පය පැකිලෙයි, ඇද වැටෙයි, නෙතු හඬයි,
නතර විය නොහැක, යා යුතුයි දුර,
හඬන්නට දැන් ඉඩක් නැත, අප යායුතුයි සොඳුර...

කොටුව මත හමන සුළඟ, නොරැඳෙයි තව,
වෙරළට පෙරලෙන රළ, බිඳෙයි, හැරයයි නැවත,
සඳද රෑ අහසට පමණයි, රවිට ඉඩදෙයි දහවල,
අපට දැනෙනා දුකද එමමයි, නොරැඳ හැරයයි එසැන...

අසන්න නැවතත්, ජීවිතය නඟන ඒ කාන්තිමත් ස්වරය,
එකට බැඳ අත්වැල්, දුර යායුතු කාලයයි සොඳුර,
අඳුරට ඉඩදෙන්න, අදට අපට වෙන්වෙන්න,
හැරයන්න නොවෙයි, නැවත හමුවන්න,
කොටු පවුර මත්තට,
ඔබ..මම..නැවත එක්වෙන්න...

රෑ තාරුකා මැද, සැතපෙන්න ඔබ සුවසේ,
දකින්න එක සිහිනයක්, අපගැනම රහසේ,
නිදියහන තනිනැත, මා හිඳිමි ඔබ ලඟම සුහදේ,
එක්වීමක අරුමය දකිනට වෙන්වීමද ඇවැසිය සොඳුරේ...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

9 comments :

  1. නියමයි. Really like the ending "එක්වීමක අරුමය දකිනට වෙන්වීමද ඇවැසිය සොඳුරේ..." so true...

    ReplyDelete
  2. වෙන්වෙන්නේ තවත් එකතු වීමකට නේද ?

    ReplyDelete
  3. හිතට එන සිතුවිලි ඔබ මෙන් කියන්නට,හැකියාවක් මටත්...
    තිබුනි නම් අගනේය සොයුර..
    එනමුත් නොපැකිල පවසන්නෙමි..
    මෙවන් අදහස්,මෙවැනි හැකියාවක්...
    නොදැක ඇති බව මින් පෙර කිසි දිනෙක...

    Seriously SERIOUSLY Awesome stuff!! No words to say..best one from the lot i say.. :D Keep it up malli..Already waiting for the next..

    ReplyDelete
  4. ලස්සන පිංතුරේ හරි...

    මේ සිතුවිලි නම් හරි අපුරුයි වෙනදාට හිරණ්යට වඩා..එත් එ වෙනස අපුරුයි අලි..

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට