බොස්, ජබෝස්!

ඊයෙ හැන්දෑවෙ වෙච්චි සිද්ධියක් ගැන කොටන්න හිතුනා. මේක මං බලාන ඉද්දි අපේ තාත්තට උන ඇබැද්දියක්. :)

වැඩ ඉවරවෙලා තාත්තා ගෙදර එනකොට 5.30 විතර වෙනවා. එනකොටම ඉතින්  පැනගෙනම මාත් දුවනවා ගේට්ටුව ගාවට, දන්නවනෙ ඉතින් මොකක් හරි ලදරමක් අරන් එනවා කියලා ගිලින්න! :P

ඉතින්, ඇවිත් යකඩ අස්පයගෙපිටින් බැහැපු ගමන් තාත්තට කෝල් එකක් ආවා. මම ඉතින් ඕක ගනන් ගත්තෙ නෑ. ගිහින් බයික් එකේ එල්ලලා තිබුන සිලිසිලි මල්ල ගත්තා. ඒ ගමන් ඇහුනා තාත්තා කතා කරනවා. දැනුනෙ කවුරු හරි දන්නෙ නැති අංකයකින් කතා කරනවා වගේ. අපේ තාත්තා මාර ආසයි Wrong numbers වලින් කෝල එනවට. උන්ව මඩෝනවා හිටු කියලා. ;)



කෝල් එක අරන් තාත්තා මුකුත් නොකියා පොඩ්ඩක් අහන් හිටියා, මගේ දිහා බලලා අමුතු කුපාඩි හිනාවකුත් දැම්මා. මාත් ඉතින් දන්නවනෙ වෙන්න යන දේ, ලඟටම ගිහින් කණ ඔබන් හිටියා. එහා පැත්තෙන් හෙන අමුතුවට හෙලෝ හෙලෝ ගාලා කව්ද කෑගානවා! තාත්තා චුට්ටක් ඉඳලා, අමුතු ස්වරයකින්, නලෝලා "හෙළෝ" කිව්වා...

"ආ, සමරෙ, කොහෙද මනුස්සයෝ මෙච්චර වෙලා හිටියෙ?"

මල හුට්ටප්පරයයි! තාත්තගෙ ලොක්කා! හෙනම ලෙඩේ! මම ඉතින් දන්න තරමින් LMFAO තමයි! තාත්තා වැඩේ ශේප්මන්ට් කරන් තිබුනා.

ඕකනෙ, මැටි ආතල් ගත්තට අවුලක් නෑ, පොඩ්ඩක් පරිස්සමෙන් ඈ! ;)

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

17 comments :

  1. අද බොසා හොඳට දෙහි කපලද දන්නේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. හිහි, නෑ නෑ, වැඩේ ශේප් කරන් තිබුනා! :P

      Delete
  2. samahara ayata siya pemwathiyatath nodana ohoma karanawalu.

    ReplyDelete
  3. හාපුස් මදැයි...

    ReplyDelete
  4. ඒ වගේ වඩා මටත් වෙලා තියනවා ලොක්කාගෙන් නම් නෙමෙයි ....... එන දෙන නිලදරියාගෙන් ඒ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැනේ

    ReplyDelete
  5. හෑ ..අප්පුච්චා තාම යනවයි වැඩට යහතින් .. ?

    ReplyDelete
    Replies
    1. ඔය අදත් ගියේ සෝයි එකට, අවුලක් නෑ! ;)

      Delete
  6. බොසා නපුක් කේස් එකක් නෙවේය? :D
    අපුච්චා තාම වැඩට යනවැයි?

    ReplyDelete
    Replies
    1. හිහි... යනවා යනවා, තාම යනවා! ;)

      Delete
  7. වේදනාවයි..,:D
    ඔහොම මඩෝන කෙනෙක් අපෙත් හිටියා.., දැන් පොර පිටරට..! :)

    ReplyDelete
  8. අම්මෝ ........ ජොබ් එක තියනවද තාත්තගේ තාම..:)

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට