සැඟවීම

දෙතොලඟ තැවරූ,
මුහුණු පොඩිය මත ඇතිරූ,
සියොලඟම ගැල්වූ,
විළවුන්ය මන බැන්දූ...

සිත යටට තෙරපූ,
හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ,
සිනහවක් මුව රැන්ඳූ,
ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ...

අතීතය ඔබ හැංඟූ,
කියන නෙක තතු නෙතු ඔබේ දැල්වූ,
වසන් නොකරන්, වසන් නොකරන්,
ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. සිත යටට තෙරපූ,
    හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ,
    සිනහවක් මුව රැන්ඳූ,
    ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ...

    පට්ටාස්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
  2. ලස්සන අදහසක්... අන්තිම පද දෙකට හුගාක් කැමති

    වසන් නොකරන්, වසන් නොකරන්,
    ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ...

    ReplyDelete
  3. නුඹ කීවාට
    කොහොම වෙන්න ද
    මම මමම
    බෑ මුණදෙන්නට
    දහසක් ගැ‍ටුම්වලට
    සැගවුණ දිවියේ ඇති...

    ReplyDelete
    Replies
    1. මුව සිනහ දෙන්නට,
      අතීතේ සෝ තැවුල් ගන්නට,
      ඔබෙ හැඟුම් නෙක බෙදාගන්නට,
      ඉඩ දෙන්න ඔහුට,
      ඔබ ඔබේම කරන්නට....

      Delete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට