අවසර දෙනවානම්...

අඳුරට ඉඩ දෙන්න,
දහවල උනුහුම ඔබෙන්,
ඉවතට ගෙන යන්න...

බඹරිඳුට අවසරයි,
මලට බරක් වන,
රොන් සුනු ගෙන යන්න...

හිරු කිරණ දඟකරයි,
තණ මත රැඳි,
පිනි බිඳු ගෙන යන්න...

ළඳුනේ, අවසර දෙනවානම්,
සොඳුරු ඔබේ,
හදවත ගෙන යන්න...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

  1. හදවත ඉබේටම ඔබ ලග රෑදේවි,
    කවදා හෝ මං ගෑනත් ලියවුනු දවසක...
    එතකං බලාගෙන ඉන්නම්,
    දහවල් උනුහුමත් රොන් සුනුත් දරාගෙන...

    ~පබසරා~

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට