සොඳුරු සිත්තම්

පැන්සලය අතෙක රඳවා,
සිතෙහි ඇඳුනු රුවක් මවන්නට,
රළු කැන්වසයක් මත...
මැකෙයි, ඇඳෙයි නෙක නෙක රූ රටා,
හීන පොද කැටි කරන් ගල්වයි වර්ණයන්..
සිත්තමක් අඳිනට, පිකාසෝ නොවුනද,

මැටි ගුලියකි ඇඟිලි මත සිරවුනු,
ඇඹරෙයි, තැලෙයි, පොඩිවෙයි..
හැඩයන් මැවෙයි, නෙතට දැනෙන...
ඇන්ජෙලෝගේ ඩේවිඩ් නොව,
සාංකාව මකන කළාවකි මෙය...

පින්සල, පැන්සල, පෑන අතට ගත්තෝ,
කළාකරුවන්ද,
ජීවිතයක් අඹන අපිත්..
කළාකරුවන් නොවෙමුද?

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට