අළු

තනිකමද, පාළුවද රජයන,
සුසුමක අසමාකාර හඬ,
විශමාකාර ලොවක් තුල,
සමමිතිය සොයන්නී ඈ
නියමයන් නොදන්නා හදවතක්,
විකසිත වන්ට දඟලනු දුටුවද,
මුකුලිත කරයි මනෝභාවය
රූරා වැටෙන කඳුළු බිඳුවක,
දියරමය සිතුවිලිය,
මතකයන්ය
වර්ණ හතක අරුමය නුදුටුවද,
කළු සුදු මැද ඈ අළු විය...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

  1. හ්ම්ම් ගොඩාක් ඩේ කියලා තියෙනවා මේ පේලි හත අටේ :)

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට