හැඬූ දෙව්දුව

දෙතොලතර,
සිරගතව ඇත,
සිනහව..

ලොවම නිහඬ, නිසල මොහොතක,
දෙව්දුවක නෙතඟින්,
සැලෙයි මුතු පබළු කැට හඬන...

අමිහිරි මතකයට පිටුපා,
බලාපොරොත්තුවෙන් දල්වා ඈ නෙත්,
ආදරයක රසභාව සිඳුනු,
විරහවෙන් තෙමුනු,
මැලවුන සියුමැලි කොපුල්,
අයදියි සියුම් හාදුවක්,
වියැලුනු දෙතොල් මත...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට