ස්තූතියි twitter

මම ට්විටරයට එක්වී වැඩි කලක් නැත. එක්වුනේද මගෙ වෙනත් බ්ලොගයක කටයුත්තක් සඳහාය. කොහොමෙන් කොහොම හරි රස වැටුනු ට්විටරය දැන් බුකියටත් වඩා බොක්කටම දැනී තිබේ. හේතුනම් ගොඩකි.

මගෙ යාලුවන්ගෙන් එකෙක් දෙකෙක් ට්විටරයේ සිටිත්. උන් ඕකට රින්ගන්නේ නැකැතට මෙනි. එනිසා මම දන්නා කියන වැඩි දෙනෙක් ඕකේ නැත. එනිසා මුල් දින කීපය අමු පාලුවක් දැනින. වැඩේ එපා විය. බුකියේම සිටින්නට විය. මම බුකියේ සිටියද චැටක් දාන එකෙකුද නොවේ. ඔන්ලයින් එන්නේ අවාරෙටය, ආවත් විනාඩියෙන් දෙකෙන් ආයෙත් එලියට එමි.(හේතුව අහන්ටෙපා ඔඳේ)

මගේ පළමු බ්ලොගයෙ නම චාටර්ය. Nimila-Zamz-Spotය. අපේ උන් එයට ජෑම් ඉස්පොට්යැයි කියයි. මොනවා කොරන්න්ද, දැන් වෙනස් කිරීමට බැරිය, දුර ගොහින් හමාරය. එයින් මෙයින් ඕක නිසාම මම ට්විටරයට සෙට් උනෙමි. පස්සෙන් එන(follow) බටොමක් බ්ලොගියේ යෙදීමෙන් ටික දෙනෙක් මයෙ පස්සෙනුත් එන්නට විය. එන්න එන්නම මට වැඩේ රහ වැටුනි. මේකෙ සෙල්ලන් ටික අල්ලා ගතිමි. තව බ්ලොග් ලියන්නනුත් උන්ගේ යාලු මිත්‍රයනුත් අඳුනා ගතිමි. දැන් වැඩේ ටිප්ටොප්ය.

ට්විටරය මයෙ හිතට ඇල්ලීමට හේතු ගොඩකි. අපේ පුද්ගලිකත්වය ආරක්ශාවීම උපරිමය. බුකියේ මෙන් වාත නැත. ඇඩ් නැත. චැට් නැත. ඕන එකාට සබැඳියක සමග කෙටි පණිවුඩ කෙටීමක් විතරක් සිදුවේ. අකුරු 140කින් එක ට්වීටයක් සමන්විත වේ. කස්ටිය ඕකට තමන්ට අවශ්‍ය පරිදි, sms බාසාව, සිංග්‍රීසි බාසාව, අමු සිංහල, ඉංග්‍රීසි හා තිත්ත කුණුහරුප ආභාශයෙන් ලස්සනට කොටයි.

මෙහි කොලේ හංගා ගැසීමක් නැත. එලිපිට කොටයි, යකා නටයි. මෙහි ඉන්න උන් ඇත්තටම friendlyය. අඳුනාගැනීම පහසුය. මං උන් ගැන මෙලෝ රෙද්දක් නොදන්න අතර උන්ටද එසේම වේ. අපේ අනවශ්‍ය තොරතුරු බෙදාහැරීමක් නොමැත. තමන් මේ මොහොතේ කොරන දේ ගැන කොටා පොඩි සිඟිති ආතල් එකක් ගත හැක.

මෙයින් මට හමුවූ මිතුරන් බොහෝයි. උන් ගැන සඳහනක් නොකර යාම හිතට හරි නැත.
 Tee Shan,  Udith Ishara,  Hashantha, Sqviggles,  Chinthana wickkz,  Nalin Kariyawasam,  Nadheera Udawatthe,  Vihanga Kalhara Wick,  Daham Wickremanayake,  Buddhika Krishantha,  ☞ ♚ Luckshan ♚ ☜,  Sajith Lashan,  DushmanthaRanathunga,  Tiffany Castagna,  Ħasitha ǷƦemarathne™,  Himal Kotelawala මේ එවුන්ගෙන් සුට්ටකි. මුන් ගැන් නොකියාම බැරිනිසා ලීවෙමි.

මම ට්විටරයේ ඉන්නේ nHiRanZ ලෙසය. මේක කියවන උඹත් ට්විටරයේ ඉන්නවනාම් එකතුවෙන්න මාත් එක්ක.


එහෙනම් අදට මම නවතිනවා. ඔයැයිගෙ අදහසත් ලියලම යන්න හොඳේ!

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

8 comments :

  1. ‍කොළුවෝ මමත් ඉන්නවා බොලවු ඔය කියන එකේ. මේක දැක්කට පස්සේනේ බං මටත් ඒක මතක් උනේ. හැදුවාට පස්සේම ගියෙත් නැ. හදලත් අවුරුදු බර ගානක් වෙනවා. හරි කමක් නෑ බොලවු දැන්වත් ගිහින් බලන්නම්කෝ. හික් මතක් කර එකට උඹට ගොඩක් ස්තූතියි. හා ඒක නෙමෙයි මම උඹට කියන්න ගත්තේ. මතකද උඹ කිවුවා මේ බ්ලොග් එකත් ඇතුළත් කරන්න කියලා මගේ පිටුවල. හික් උඹට මතකද දන්නෙත් නෑ.කමක් නෑ ඉතින් මම කියන්නම්කෝ උඹ දන්නවානේ "අපි වෙනුවෙන්" මගේ බ්ලොග් එක. හික් ඒක දන්නෙත් නැද්ද?. කමක් නෑ බොලවු. කොහොම උනත් ඉතින් මම ඔන්න උඹේ මේ බ්ලොග් එක මගේ මුහුණුපොතේ පිටු දෙකකම ඇතුළත් කලා. "තිළිණගේ පිටුව". "අපි වෙනුවෙන් පිටුව". හික් උඹලා කොහෙද මේවා දන්නේ නේ. හරි තව එකක් තියනවා ම‍ගේ බ්ලොග් එකක් වන "තිළිණගේ භවන" අන්න ඒකෙත් ඇතුලත් කලා. හරි ඉතින් මම කියන්න යන්නේ දැන් ඉතින් උඹගේ මේ ලිපි ඔක්කෝම ලියන පමාව විතරයි ඔන්න හොදට යනවා කෂ්ටිය අතරට. ඉතින් හොදයි නේ වැඩේ. මමත් මේක දැක්කේ මගේම පිටුවකිනුයි. ඉතින් උඹගෙන් මම ඉල්ලන්නේ මේ පිටු වලට තව තව ප්‍රචාරයක් දෙන්න සෙට් වෙන්න කියලයි. එතකොට ඉතින් උඹටත් වාසියි. මොකද මේ බ්ලොග් එකේ ට්‍රැපිfක් එකත් වැඩි වෙයිනේ. හේ..‍හේ...මම හරි කපටියානේ....උඹට නියමට බෝලේ බස්සනවා කියලා හිතෙනවා ඇති.... මම දන්නවා උඹ මේවට අහුවෙන් නැති බව කොල්ලො...හික්.... හරි මචං උඹත් කැමතිනම් මටත් හෙල්ප් එකක් දියන් ඉතින් මේ වැඩේ උඹටත් හොදයි. ඔන්න ඉතින් මේ ලිපිය කියවපු මුල්ම එකාත් මමයි. මොකද මගේ පිටුවේ මේක ලියපු ගමන්ප පල උනා. පොඩි අවුලක් තියෙන්නේ කොමන්ටුවක් කොටන්න පොඩි වෙලාවක් ගියා. පොඩි පොඩි ජිල්මාට් වැඩ හින්දා දෙපාරක් තුන්පාරක් විතර කොටන්න උනා. මොනවා කොරන්නද මගේ කරුමය නේ..දැන් ඇති. හොදටම ඇති... මගේ අතත් රිදෙනවා... මේක විතරක් යැයි මට කොරන්න තියෙන්නේ...ඉතින් මචං ඕන දේකට කියපං මම ඉන්නවා හෙල්ප් එකට. එහෙනම් බායි...................
    www.apiwenuwen.blogspot.com
    www.tbjayawardana.blogspot.com


    මම- තිළිණ බංඩාර ජයවර්ධන

    ReplyDelete
  2. @Thilina Jayawardana හිහි! ඔව්, මම අපි වෙනුවෙන් අඩවියට ඇතුලත් කලා. බොහෝම ස්තූතියි! ජය වේවා!

    ReplyDelete
  3. මටනම් සෙට් වුනෙම නැති එකක් තමයි ඕක

    ReplyDelete
  4. අහ මමත් ඉන්නවා :) හොදා හොදා දිගටම සෙට් වෙන්න
    බුකියට වඩා ගොඩක් වෙලාවට අපි ඉන්නේ මේකේ

    follow me @CrazyNalin

    ReplyDelete
  5. @වර්ණා ඇයි එහෙම කියන්නෙ?
    @Dar[K] ඔව් ඔව්, මාත් පස්සෙන් එලවනවා :D

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මමත් ඉන්නවා ට්විටරේ @IsuruDeminda.... මාත් ලගදී තමා ට්විටර් සෙට් උනේ .... බුකියට වඩා ආතල් ...... බුකියේ දාන සෙල්ලම් වලට වඩා ට්විටරේ 140 දාහෙන් සම්පතයි .. social network වලින් පට්ටම එක ට්විටර්....

    ReplyDelete
    Replies
    1. අනිවා! සුපිරිම! බුකිය වහන්නත් යනවලුනෙ? හිහි... අපිටනම් නෝ අව්ල්! ;)

      Delete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට