සින්දු ඇසීම හා ඇස්සවීම

ලංකාවේ සින්දු කලාව අමුතුය. සමහරු හොඳ සින්දුවක් ලියා, කියා අසන්නා පිනවයි. මේ අතර ටික දෙනෙක් ටකරන් වලට ගල් ගසමින් අපේ කන්වලට විකාරරූපී ආස්වාදයක් ගෙන දෙයි. බස්වල යෑම, මගීන්ට එපා කරවන සිරාම ක්‍රමයක් තමයි මේ ටකරන් සින්දු දැමීම. පූරුවෙ කල පවක් ගෙවන්නටදෝ අපි එව්වා අසාගෙන යමු.

මේ ඇසෙන සින්දුවල අර්ථය කොහොම වෙනවාදැයි කියන එකාවත් දන්න බවක් පේන්නට නැත. හමහර එව්වා සින්දු නොවේ. කතාය. මම එහෙට ගියා, මම එයාව දැක්කා, එයා මාව දැක්කා, මාර වැඩේ! අපි ලව් කරා, එයාගෙ ගෙදරින් අකමැති උනා, අයියා ඇවිත් මට තඩිබෑවා... ඕක කියන්න පිටිපස්සෙන් සංගීතයක් ඕනයැ? හදාපියකො නාට්‍යයයක්, ඒකනම් හොඳට තියේවි.

මේ බස් සින්දුවල අපිට මීටර් වෙන අනිත් දේ තමයි මේවල beat එක. ඩිග් ඩිග් ඩිග් ඩ්ගිරි ඩ්ගිරි ඩ්ගි... හැම එකේ ම එකම වගේ, ගොඩක් ඒවයෙ සින්දුවට වඩා ඇහෙන්නෙ ඕක තමයි. (බැලුවාම බීට් එක අහන එක හොඳයි සින්දුවට වඩා!) මේ වගෙ අර්ථයක් නැති.. සිරා ගොබ්බ සින්දු ලියලා මොනවා ලබන්නද.. මටනම් තේරෙන්නෙ නෑ!

සින්දුව අහන් කෙනාට හැඟීමක් දනවන්න, දුකක්, සතුටක් ඇති කරන්න පුලුවන්නම්, ඒ සින්දුව සාර්ථකයි කියලයි මම හිතන්නෙ. අළුත්, පරණ කියලා වෙනසක් නෑ, ඉංග්‍රීසි, සිංහල, හින්දි වෙනසක් නැහැ.. ඇහෙනකොට අපිට දැනෙන දෙයක්නම් අපි අහනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ ඕකෙ අනිත් පැත්තනෙ.. අපිට අස්සවනවා! රේඩියෝ එක දැම්මත් ඕකමනෙ සිද්ධිය...

මේ සින්දු දෙක අහලා කියන්න බලන්න සාර්ථක මොකක්ද කියලා...

මේ චාමර රණවක මහත්මයගෙ - වෙරළු ගෙඩි පැහෙන කාලේ ගීතය..

මේ අමරසිරි පීරිස් මහත්මයගෙ - හන්තානට පායන සඳ ගීතය

හිතට දැනුන ගීතය මොකක්ද? හිතලා බලන්න.. හිතට වදින්න, වැඩක් කරලා තියෙන්න කව්ද කියලා...

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න...

මේවගේ සින්දු අනන්තවත් ඇති. අපේ කොල්ලො කෙල්ලොන්ගෙ රසවිඳීම ගැන තියෙන ලොකු ප්‍රශ්නෙට උත්තර කොහොමද කියලා හිතාගන්න බෑ. හැබැයි සින්දුවක් අහන්න අපි වැය කරපු ඒ කාලෙන් ඇත්තටම අපිට වැඩක් උනාද කියලා හිතලා බලන්න. රසයක් නැති ටකරන්වලට ගල් ගහන්නා වගේ සින්දු අහන අපේ උන්දැලට දැනෙන්නත් එක්ක වෙනස් වෙන්න, ඇහෙනවට නෙවෙයි, හරියට සින්දුවක් අහලා, රස විඳලා ඒත් එක්කම හිතන්න පුලුවන්නම්... සින්දුවත් සාර්ථකයි, අහපු ඔයාත් දිනුම්, කියපු කෙනාටත් පින්...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

5 comments :

  1. හන්තානට පායන හඳ ගීතය ලියූ රචකයා ධම්මික බණ්ඩාර මහතා.. ඒ ගීතය ලියන දවස් වල ඔහු අපේ පාසලේ ගුරුතුමෙක්. සරලව කිව්වොත් 11 වසරෙදි අපේ පන්ති භාර වගේම සිංහල විෂය ඉගැන්නුවෙත් එතුමා.. හරි අපූරු ගීතයක් නේද? තවත් ඔහු ලියූ මෙවැනි ගීත රැසක්ම තියෙනවා.
    * මගේ පුංචි රෝස මලේ
    * හිම දියවී හිමාලයේ
    * නිල් කැට වැස්ස වැටෙනවා

    මල්ලිගේ ලිපියත් වටිනවා..
    ආස අය හොයාගෙන බලන්ඩකො...

    මේ ක්ලිප් එකේ (සිංදුවෙන් පස්සෙ) අපේ සර් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා, මේ සින්දුවෙ අර්ථය පැහැදිලි කිරීමක් අමරසිරි පීරිස් මහත්මයා විසින් කරා ගුවන් විදුලියෙදි. හරිම ලස්සන කතාවක්. මේ වගෙ හිතට දැනෙන සින්දු තමයි අහන්න ඕන, ඇහෙන්න ඕන.

      Delete
  2. අයියේ චාමින්ද රත්නසූරිය ලියපු සින්දු ටිකක් අහන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, එයා ලියපු පියානෝව හඬවා සින්දුවට මම ගොඩක් ආසයි. ඒ සින්දුවෙ රූප රචනයත්, සංගීතයත් බොක්කටම දැනෙනවා. හරිම ලස්සනයි...

      Delete
  3. මම එයාගෙ ඩැෆඩිල් මලේ ඉඳල පියානෝව හඬවා වෙනකන් (රැඩිකල් ප්‍රේමය සහ රොමාන්තික ඔපෙරාව ඇතුලුව ) ඔක්කොම වගේ සින්දු වලට කැමතියි. ලස්සන වෙනසක් තියෙනව ඒ සින්දු හැම එකකම

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට