චූ පෝලිම

එහෙම කියලා පටන් ගත්තෙ අද ක්ලාස් එකේදි වෙච්චි දෙයක් නිසා. අද මට bio ක්ලාස්. 7.30ට සෙට් උන ගමන් ආයෙ ඉන්ටර්වල් එකක් ලැබෙන්නෙ 11ට. එතකන් බඩගිනි, චූ බරවල් ලෝඩ් කරන් ඉඳලා කස්ටියම මිස් "හරි දැන් ඉන්ටර්වල් ගන්න" කියපු ගමන් දුවනවා ඕන ඕන දිහාවලට. කොල්ලො ටිකනම් මුලින් කොරන්නෙ කාලා බීලා සප්පායම් වෙන එක. එකෙක් නෑර සංගමිත්ත ඒරියා එකේ සෝටීස් කඩවලට ඉක්මනින් රිංගනවා. මාත් ඉතින් හෙමීට ගාටන් ගියා කන්න...

 හයියෝ, අද රෝල්ස් නෑලු! කාපියකො මුගෙ කේක්. කෑවෙ නැතෑ. ඒ මදිවට එතන කෙල්ලො 3දෙනෙක් පැලවෙලා. කොල්ලොන්ට වාඩිවෙන්න විදියකුත් නෑ. බැලුවම මුන්ගෙ අතේ ඇති මගුලකුත් නෑ, කන පාටකුත් නෑ, හැබැයි කඩේ පුටු ඔක්කොම ලෝඩ් කොරන් ඉන්නවා. ටිකකින් තමයි දැනගත්තෙ, මුන් මේ බත් එනකන් ඉන්නෙ කියලා, හත්වලාමේ, මේ කන්ට ආපු කොල්ලො ටිකට වාඩිවෙන්න දියන්කෝ. ගොමතැම්බ ගැහුවා වගේ ඉන්නවා. කස්ටියම කාලා ශේප් උනා ක්ලාස් එක පැත්තට.

ගේට්ටුව ලඟට සෙට් එක එනකොට කෙල්ලො ටික ටැප් එක වට කරන්. යන පාටක් නෑ. ටිකක් හිටියම මිස් ආවා. ඇවිල්ලා කිව්වා පේපර් ටික ගන්න කියලා. හරි සෝයි. අපිට වතුරත් නෑ. ගියා ඇතුලට. හාෆෝයි!! කෙල්ලොන්ගෙ චූ පෝලිම!! ඔන්න අපේ උන්ට දැන් ටිකක් නට්පුක්. විනාඩි 30ක් තිස්සෙ මුන් මේකෙ පැලවෙලා. ඒ මදිවට එකෙක්ට චූ කරන්න ඕන උනාම දහයක් යනවා පස්සෙන්. අපේ එකෙක් ඇහැව්වෙ නැතෑ "රෙද්ද උස්සන් ඉන්ටද?" කියලා මේ රොත්ත බුරුත්තම! හිකිස්.


මිස් දැන් ආයෙත් පාඩමත් පටන් ගත්තා, තාමත් නැහැනෙ මුන්! ඒ අස්සෙ ඉතින් කට්ටිය පෝන් ඇදන් එහෙට මෙහෙට කොටනවා. මාත් ටුවිට් පාරක් දැම්මා ඔයි අස්සෙ. හරි හරි, කෙල්ලො ටික මාරු! කොල්ලෝ රෑනම දිව්වා ඇතුලට. 20ක් විතර දැන් බලන් ඉන්නවා. ටොයිලට් 2යි. ඉල්ලුමට හරියන්න සැපයුමක් නැති හැටි! :/ කට්ටිය එතෙන්ට වෙලා ඉන්න ගමන් කතාව, රිසාල්ට්ස්, කොරන්න හිතන් ඉන්න දේවල්... මාරයි අෆ්ෆා. ගොඩක් උන්ට ඉතින් නිදහස් අධ්‍යාපනේ පිහිටම තමයි. කියලා වැඩක් නෑ, කට්ටියම චූ කරන්න ගිහින් මාර ටෝක් ටිකක් දුන්නේ.


"මචං චූ පෝලිම වගේම තමයි, ගොඩක් යන්න ට්‍රයි කරනවා, හැබැයි ඇතුලට යැවෙන්නෙ එකයි, දෙකයි. උනුත් හැට පැයක් ගන්නකොට අපිට ඇඟේම යනවා. යුනියට යෑමත් ඔය වගේ තමයි බං."

සිරාවට... කී දෙනෙක් ට්‍රයි කරනවද? කී දෙනාද ඇතුලට රිංගන්නෙ? අනිත් එවුන්ට වෙන්නෙ මොනවද? ඒ මදිවට ඒ සිස්ටමේටත් කෙලින්න හදන්න ලොකු ඈයින්. මෙච්චර කට්ට කාපු 2011 බැජියට උන දේ! හික් හික්. කොහොමෙන් කොහොම හරි එනකොට මිස් වැඩ පටන් අරන්. අපේ බරවල් උපරිම වෙනකන් බකන්නිලන් හිටපු කෙල්ලො හිනා වෙනොත් වගේ මීටර්. අපි කතා උන ඒවා ඇහිලද මන්දා.. මොකද එතන කියපු සමහර එව්වා එච්චරටම XXXXX ලස්සනයි. උන්ට ඕන පු*ක් වෙද්දෙන් කියලා අපි වැඩ පටන් ගත්තා...
07. මිනිස් කළලයෙහි පෝශණය සඳහා කෙලින්ම වගකිවයුතු වන්නේ.....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

2 comments :

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට