෴ට්වෙලයට පෙර෴

Live'12, අපේ වැඩේ බොක්කෙන්ම සාර්ථකය. කිරිකජු කොල්ලන් ටිකක් සැට් වී එළකිරි ගේමක් දුන්නේ, මුලු ගාල්ලම හෙල්ලෙන්ටය. ගිය සෙනසුරාදා(2012.01.14) කරාපිටිය ෆැකල්ටියේ ඔඩිටෝරියම අපි රිච්මන්ඩ් යැයි රැව් දුන් මතකයත් එක්ක හිච්චංකිතර ආඩම්බරයක් හිතේ රඳවාගෙන මේ ලිපිය ලියමි.

මේ ප්‍රසංගයේ අයිඩියාව මම දන්නා තරමින් අපේ චමත් හා විසල් සොයුරන්ගේය. මුන්ගේ music කැසිල්ලට පින් සිද්ධ වන්නට ගාල්ලට එළකිරි ශෝ කෑල්ලක් ලැබින. ඉස්කෝලෙ ජූනියර්, සීනියර් බෑන්ඩ්, choirs එක්කරගෙන ගාල්ල දෙවනත් කලෝය. චමත්, විසල්, ස්වරංග, කාංචන අයියලා, හර්ශ, විශ්ව, මතීශ, හමීඩ්, රනුල්, රජිත, විලේ, මල්ක, හරිත් මල්ලිලා...එකී මෙකී නොකී අම්බානෙක සෙනඟක් සින්දු කියා, වයා සුපිරිම රැයක් නිර්මාණය කලෝය. ආහ් අමතක වුනා, අපේ ක්‍රිස්තුදේව බාලිකාවෙ නංගිලා ටිකක් එලකිරි ඩාන්ස් කෑල්ලලුත් දුන්නා කොල්ලො ටික ඇඹරිලා යන්න! :P එතකොට සංගමිත්තා බාලිකාවේ නංගිලා දෙන්නෙකුත් ගායනයෙන් සහය උනා. මේ ඔක්කොම පටලෝගෙන එළකිරි ගේමක් දුන්නා. හැබැයි වැඩේ ලේසි උනේ නෑ.

කොල්ලො ටික ප්‍රැක්ටිස් උනා ගොඩක් කල් ඉඳන්, ඉස්කෝලෙ හෝල් එකේ උදේ ඉඳන් රෑ වෙනක්න් මුන් මැරීගෙන ප්‍රැක්ටිස් වෙනවා. අපේ ඕශධී මිස්, නිශානි මිස්ලා තමයි මුන් ටිකව ගානට හදලා ගත්තෙ. ඒ අතරම අපෙ වැඩවලට හේමන්ත අන්කල්, වාහල අන්කල් එහෙමත් උදව් උනා.

එහෙනම් මෙන්න අපේ පාට් එක, මොකෝ අපි සින්දු කිව්වයැ! :P අපෙ සජාත් කොලුවා තමයි ට්වෙලයෙ සැරසිලි කටයුතු භාරගෙන තිබුනෙ. ආට් කාරයනෙ එකෙන්ම හදලා තිබුනා logo එකක්. අමිල කොලුවත් ඒ අස්සෙමයි. උන් කියපු විදියට සැරසිලි කටයුතු කොරගෙන යන්න සප් එක දුන්නෙ අපි, අපි කිව්වෙ, මම, එශාන්, රවිඳු, දිල්ශාන්, සුචී, කවිඳු, සඳරුවන්, චරිත්‍රලා තමයි. රිජිෆෝම් වලින් අයිටම වගයක් ගානට කපලා, ශේප් කොරලා, හැඩ කොරලා ගත්තෙ ඔය කස්ටිය තමයි. මේ අතරෙම music, lighting ගැන අපේ රොශාන් කොලුවා බලගත්තා. මෑන්ස්ට ඉතින් ඕවා සිම්පල් ගේම්ස්නේ! :D ආහ්, පොර මේකට එළකිරි intro වීඩියෝ එකක් එහෙම හදලා තිබුනා. එතකොට ට්වෙලය දවසෙ intro එකක් විදියට animation එකක් නිර්මාණය උනා. මේක කරේ රවි, අපෙ හැනිමේශ්න්! :D

එතකොට... ආහ් ඔව්, අරුණ ශාන්ත සිංහලෙනුත්, දිල්හාන් මානවඩු හා ලහිරු ගයාන් ඉංගිරිසියෙනුත් ට්වෙලයෙ announcing වැඩ තිතට කරලා දුන්නා! මේ අතරෙ අපෙ ලයිටින් කස්ටිය M2ලවයි, music කරපු අයියලාවත් මතක් කරන්න ඕනෙ.

ඉතින් කස්ටිය ගජරාමෙට වැඩ කොරන අස්සෙ මම ගත්ත පින්තූර ටිකක් පහලින් දානවා....
 -ලයිටින් කොරපු තැන-

 -ඉස්කෝලෙ හෝල් එකේදි-

 -ඉස්කෝලෙ බැල්කනියේ සාකච්ඡාවක්-

 -සජාත් බරටම කයිය-

 -කලින් දවසෙ ස්ටේජ් එක උඩ-

 -Auditorium එක ලයිට් දාලා-

 -ඉස්සරහ-

 -හ්ම්ම්ම්ම්-

 -M2ලගෙ පෙට්ටි ටික, හම්ම්යෝ, මෙව්වයෙ බර!!!-


 -M2 ලොරිය-

 -M2 අයිටම-

 -අයියලා ලයිට් සෙට් කරන ගමන්-

 -අපෙ කස්ටිය event වලට ලයිටින් ගැන කතාවෙමින්-

 -අනේ කොල්ලො නැගිටහන්!-

 -මදුවා-

 -ලොගෝ එක හයිකරන ගමන්-

 -රිහර්සල් පාරක්-

 -කොස්ටියුමයට බහිමින්-

 -චමත්, හමීඩ්-

-රෑ ශෝ එක-

Invitation Cards ලස්සන කෙරුනා...

ලස්සන පෝස්ටරයක්, කටවුට් එකක් විදියටත් අපි ගැන මෙහෙම ලියවුනා....

ඇයි ටිකට්!

මේ අතර අපෙ crew එකට ලස්සන t-shirt කෑල්ලකුත් ලැබුනා.

ආහ්, ශෝ එක වෙලාවෙ අපෙ කරේ මෙහෙම ටැගියකුත් එල්ලුනා...

ඔන්න කොහොම කොහොම හරි, අපිත් එළකිරි ශෝ එකක් කොරා. සතුටුයි! වැඩ කරපු, ශෝ එක දවස, මේ හැම දෙයක්ම හිනාවක් එක්කම කරලා, හිනාවයි, හිත පිරුනු සන්තෝසෙකුත් එක්ක වැඩේ රෑ 10 විතර වෙනකොට ඉවර උනා. අන්තිමේදි ටිකක් දුකයි, මෙච්චරකල් වැඩ කරලු මල්ලිලා ටික දාලා එන්නත්... මොනවා කොරන්නද බං, ඔහොම තමයි! කොහොමහරි, ලස්සන වැඩක්, ලස්සනට ඉවර උනා. අපිට උදව් කරපු, බලන්න ආපු හැමෝටම තුති! මේකෙ හරිනම් ගොඩක් අයගෙ නම් සඳහන් වෙන්න ඕනෙ, මට දැන් වෙලාවක් නැහැ. ඒ හැමෝවම ආදරයෙන් මතක් කරනවා! ජයම වේවා මල්ලිලා!

-සියල්ල රිච්මන්ඩ් නමටය, නොවේ කිසිවක් තමනට-

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

12 comments :

  1. කොළඹ උන්ට ලොකු ප්‍රශස්ති ලු, සාග ලු
    බැලුවොත් පාරක් ට්වෙල්ව්...
    උන් ඇවිත් පදිංචි වෙනවලු ගාලු !

    2011 ඒ/ලෙ මැත කරපු, Live'12 ට පණ පොවපු, උඹලගෙ සෙට් එකේ හැමෝටම දෙනව ආචාර... දාල ඉස්සරහට පපු !

    ෴කාංචන෴

    ReplyDelete
    Replies
    1. ෴කාංචන෴ අයියා, එළම තමයි! ගාල්ලෙ සුපිරි වැඩක්නම්, අපෙන්ම තමයි!

      Delete
    2. working good!!!

      Delete
  2. ට්වෙල්ව් was da best..

    ReplyDelete
  3. aniwa.live 12 patta.aaye katha karanna deyak nee

    ReplyDelete
  4. සුපිරි හොදේ :) සියල්ල රිච්මන්ඩ් නමටය....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම! බොක්කෙන්ම රිච්මන්ඩ්!

      Delete
  5. මොනවා උනත් ලස්සන වැඩක්..ස්ටෙජ් එකත් හරිම ලස්සනයි.. ප්‍රසංගයත් ලස්සනට තියෙන්න ඇති කියලා හිතෙනවා..විඩියෝ කෑල්ලකුත් දාන්න තිබුණා නේ .. :)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔන්න වීඩියෝස් ටිකක් දාලත් පෝස්ට් එකක් දැම්මා
      http://sidhdiya.blogspot.com/2012/01/live12.html

      Delete
  6. waiting for another cncert!!!!!

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට