මීම සහ මම

මීම, ලංකාවට අළුත් දෙයක්... මීම කියන්නෙ මොකක්ද, සාමාන්‍ය කාටූනයකින් මීම කාටූනයක් වෙනස් වෙන්නේ කොහොමද? මටත් හෙන කුතුඅලේ! ටිකක් හෙව්වා, මට මීටර් උන, මට හිත ගිය තැන් ටිකක් ගැන් ඔයාලටත් කියන්න හිතුවා. මොකද, මෙව්වා ගොඩාක් කාලීනයි. මට දැනුන විදියට එකෙන්ම ලෝකෙම හඳුනන භාශාවක් වගේ. ඉතින්, මෙන්න එහෙනම් මීම සහ මම...

මේක ගැන හොඳ හැදින්වීමක් හොයනකොට මට මීම වෙබ්පිටුවකම තිබුන දෙයක් අහුඋනා. මෙන්න ඒක,
"Meme"
pronounced /ˈmiːm/; meem
Internet meme is used to describe a concept that spreads via the Internet. It is referred to viral funny videos, funny images, rage comics, image macros and more.

සිරාවටම කියනවනම් ඕකෙ pronounce කරන විදිය එක එක තැන්වල හරිම වෙනස්, ඉතින් මම වචනෙ තියෙන විදියටම කියෙව්වා, අව්ලක් නෑනෙ? හිහි. කොහොම හරි, මීම කියන්නෙ සමාජීය concept එකක්, ඒ කිව්වෙ එදිනෙදා අපි දකින විකාරරූපී සිද්ධි, දේශපාලනය, මිනිස්සුන්ගෙ පොදු වැරදි, ආකල්ප, මත හා ආගම් යන පදනම් මත විවිධ මීම වර්ග තියෙනවා.

උදාහරණයක් විදියට මේක අරන් බලමු...
(උපුටා ගැනීම/Quoted from www.memecenter.com)

අද කාලයේ ඇසෙන්නට ලැබෙන සංගීතය නිසා පවුල් සංස්ථාවක ඇතිවූ අවුලක් සිරාවට දක්වා ඇත.
දැන් මේක බලන්න, ඔයාලටත් මේක හිතිලා නැද්ද? සාමන්‍ය ජිවිත්යේදි අපි අත්දකින දෙයක්...

මේ වගේ සමාජීය ලක්ශන, මිනිසුන්ගේ වැරදි ඉතා අපූරුවට මෙම මීම ආධාරයෙන් දක්වලා තියෙනවා. මේවා ඔයාලටත් හරිම ලේසියෙන් හදන්න පුලුවන්. අර මම මුලින්ම පෙන්වපු මීමයේ තියෙන මූණු, Rage Faces කියලා හඳුන්වනවා, මේවා පිලිවෙලකට, කැමති විදියකට හදලා ඔයාගෙ අයිඩියාස් එකත් ලස්සනට පෙන්වන්න පුලුවන්. මේ සඳහා www.memecenter.com වගේ වෙබ්පිටු වල තියෙන Rage Builder වගේ එකක් භාවිතා කරන්න පුලුවන්.

ඔයාලගෙ අදහස්, සමාජීය දැක්ම අනිත් අයත් එක්ක බෙදාගන්න මේක හොඳ අවස්ථාවක්. බොක්කේ හිරවෙලා තියෙන, එලියට ඇවිත් පුපුරලා යන්න තියෙන දේවල් හිනාවක් එක්කම කියන්න, අනිත් අයත් එක්ක බෙදාගන්න නියම අවස්ථාවක්. කොටින්ම කියනවනම් පුංචි පහේ විනෝදාංශයකටත් මේක නරක දෙයක් නෙවෙයි.

එහෙනම ඔයාලත් උත්සාහයක් දීලා බලන්න. හදලා අප්ලෝඩ් කරොත් මටත් ලින්කුව එවන්න අමතක කරන්නෙපා. ඔයාලගෙ අයිඩියාස් හරිම වැදගත්, හිතේ තියන් ඉන්නැතුව, කියන්න, ලියන්න. අමුතු සමාජයක ඉන්න අපිට, මෙන්න අමුතු වැඩක්. ඔයාලට මීම කියවන්න අවශ්‍යනම්, මම හොයලා තෝරගත්තු හොඳ පිටු කීපයක් පහලින් දක්වනවා.
www.memecenter.com
www.ragestache.com
www.memebase.com
www.damnlol.com (මේකෙනම් මීමවලට අමතරව තවත් ෆුල් ආතල් පින්තූර පිරිලා!)
www.smartphowned.com (මේකෙ තියෙන්නෙ ස්මාර්ට්ෆෝන් වලින් වෙච්චි අකරතැබ්බ! :D)

මේවා බලලා හොඳ නරක කියන්නකෝ. මම හිතන්නෙ මේක ඔයාලට නියම අයිටමයක් වෙයි කියලා! හොඳ අයිටම් අහු උනොත් මට ට්වීට් කරන්න(@nHiRanZ) එහෙනම් මම යනවා. කස්ටියටම් ජය වේවා.

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

  1. Very good list you put up, there are a few more Meme Websites now.

    http://reallol.com
    http://memeboulevard.com
    http://memegenerator.net

    just to name a few ... !

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට